×

ගංවතුර හේතුවෙන් කෙන්යාවේ මිය ගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළට; 12,000ක පිරිසක් අවතැන්

එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කෙන්යාවට බලපෑ ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පසුගිය මාර්තු මැද සිට අවම වශයෙන් පුද්ගලයින් 70 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

ගංවතුර හේතුවෙන් 120,000 කට අධික පිරිසක් අවතැන් වී ඇති අතර තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති අතර අට දෙනෙකු අතුරුදහන් වී තිබේ.

නයිරෝබි හි රජයේ පාසල් හැට හතරක් එනම් අගනුවර මුළු සංඛ්‍යාවෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ගංවතුර හේතුවෙන් සැලකිය යුතු ලෙස විනාශයට පත්ව ඇති බව අධ්‍යාපන ප්‍රධාන ලේකම් බෙලියෝ කිප්සාං පවසා තිබේ. යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම, හදිසි නිවාස සහ ආහාර ආධාර සැපයීම මෙනුවෙන් රජය විසින් කෙන්යානු සිලිං බිලියන 3.3ක් ($24.5m)ක් අවශ්‍ය වන බවට පුරෝකථනය කර තිබේ.

මෝසම් වැසි නැගෙනහිර අප්‍රිකාවට බලපා ඇති බැවින් ඉදිරි දින කිහිපයේදී රට පුරා තවත් තද වැසි අපේක්ෂා කරන අතර එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි