×

එංගලන්තයේ කෝවිඩ්-19 රතු ලැයිස්තුවට පාකිස්ථානය, බංග්ලාදේශයත් එක් වෙයි

කෙන්යාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ පිලිපීනය එංගලන්තයේ ‘රතු ලැයිස්තුව‘ට අලුතින්ම එක් වූ රටවල් බවට පත් ව තිබේ.


ඒ අනුව, මේ රටවලින් පැමිණෙන සියලු දෙනාම අනිවාර්යයෙන්ම රාත්‍රී 11 ක් හෝටල් කාමරවල නිරෝධායනයට ලක් විය යුතුය. මෙම නවතම තත්වය බලපවත්වන්නේ අප්‍රේල් 9 වැනි සිකුරාදා අළුයම 4 පටන් එංගලන්තයට ඇතුළු වන්නන් සඳහා ය.

ඒ අනුව මෙම රටවල් වලින් පැමිණෙන්නන් හෝ මෙම රටවල අතරමැදි ගුවන් තොටුපොළවලින් (transit) පැමිණෙන්නන් කෙරෙහි මෙම නීතිය බලපැවැත්වෙනු ඇත.

රට තුළ පුළුල් එන්නත්කරණ වැඩපිළිවෙළක් සිදුවන අවස්ථාවක කෝවිඩ්-19 නවතම ප්‍රභේදයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රටවල් 4ට සීමා පනවන බව එංගලන්තය සඳහන් කරයි.

එන්නත් මිලියන 30 ක් ලබාදීලා

මේ වන විට එංගලන්තය තුළ මිලියන 30 ක් දෙනාට එන්නත ලබා දී තිබේ. මේ වන විට කෝවිඩ්-19 නව මාදිලියට ගොදුරු වූවන් එංගලන්තය තුළින් හමුව තිබෙන අතර, ඔවුන් එංගලන්තයට පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙනි. දකුණු අප්‍රිකානු මාදිලිය යුරෝපයෙන් පැමිණි බවට සැක කෙරේ.

මෙම රටවල සිට පැමිණෙන බ්‍රිතාන්‍ය සහ අයිරිෂ් ජාතික UK නේවාසිකයන්ට මෙම නීතිය තරමක් ලිහිල් කර ඇත. ඒ අනුව ඔවුන් දින 10 ක් නිරෝධායනය විය යුත්තේ රජය අනුමත කළ නිරෝධායන මධ්‍යස්ථානයක ය.

හෝටල් නිරෝධායනය සඳහා එක් සංචාරකයෙකුට පවුම් 1,750 ක් වැය වේ. ඒ නවාතැන් සහ ආහාර වියදම් ද ඇතුළත්ව ය.

විශාල ගුවන් මගී තදබදයක් ඇති වේවි

මෙම රටවලින් පැමිණෙන සෘජු ගුවන් සේවාවන් තහනම් කර නොමැති නමුත්, මේ ආකාරයෙන් සංචාරකයන් නිරෝධායනයට ලක් කිරීමේ තීරණය මිලියන 541 ක ජනතාවකට බලපානු ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයන් සැලකිය යුතු ප්‍රමාණයකට බංග්ලාදේශයේ හෝ පාකිස්ථානයේ පවුල් සබඳතා තිබේ.

මේ අනුව ලබන සිකුරාදා ට පෙර ඔවුන් සියලු දෙනා ආපසු සිය රට බලා ඒමට උත්සාහ කරන බැවින් විශාල ගුවන් මගී තදබදයක් ද ඇතිවිය හැකිය.

අයර්ලන්තය හැරුණු විට සෙසු සියලු රටවලින් ස්කොට්ලන්තය බලා එන අය ද හෝටල් නිරෝධායනයට ලක් විය යුතු ය.

එංගලන්තයේ ජීවත් වනවුන්ට, විවේකය සඳහා පිටරට යාමද මේ වන විට නීතියෙන් තහනම් කර තිබේ.

පාස්කු සඳුදා දිනයේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, අන්තර්ජාතික සංචරණය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්ති රාමුවක් ද හඳුන්වා දීමට නියමිත ය.

ප්‍රධාන ඡායාරූපය – © Getty Masai Mara, Kenya, May 19, 2017: Tourists in an all-terrain vehicle exploring the African savannah on safari game drive



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි