×

විරෝධය නොතකා ඇමරිකාව සෞදිය සමග කතා බහක

වොෂින්ටන් පෝස්ට් තීරුලිපි රචක, ලෝ ප්‍රකට මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කළ බව සනාථ වෙමින් තිබියදී ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ප්‍රධානියා සෞදි අරාබියේ රියාද් නුවර වෙත කුමාරයා හමුවීම සඳහා ගොස් තිබේ.


ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් (Steven Mnuchi) සහ මොහොමද් බින් සල්මන් කුමාරයා අතර හමුව ඊයේ සිදුවිය.Khashoggi death: US meets Saudi crown prince despite criticism

වැසුණු කාමරයක් තුළ රියාද් කතාබහ

රියාද් නුවරදී ඇමරිකානු නිලධාරියා සහ කුමාරයා අතර සිදු වී තිබෙන්නේ රහස් කතා බහකි. එම සාකච්ඡාව සඳහා කිසිදු මාධ්‍යවේදියෙකුට ප්‍රවේශ වීමට අවසර ලැබී නැත. කෙසේ නමුත් ඇමරිකානු භාණ්ඩාගාරය පවසන්නේ ආර්ථිකය, ත්‍රස්ත විරෝධී සැලසුම් සහ ඛෂෝගිගේ ඝාතනය පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු බවයි.

මේ අතර සෞදි අරාබියේ රාජ්‍ය මාධ්‍ය පැවසුවේ, ‘දෙරට අතර ක්‍රමෝපායික සුහදතාවය‘ පවත්වාගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු බවයි.

සෞදි අගනුවර පැවැත්වෙන ඩාවෝස් ඉන් ඩෙසට් සමුළුවෙන් ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ඉවත් ව සිටින වාතාවරණයක් තුළ මෙය සිදුවීම විශේෂත්යකි.

මර්කෙල් ආයුධ එපා කියයි

ජර්මන් චාන්සල් ඇන්ජෙලා මර්කෙල් පවසා තිබෙන්නේ ඛෂෝගිගේ ඝාතනය පිළිබඳ ගැටළු නිරාරකරණය නොවන්නේ නම් තමන් සෞදි අරාබියෙන් ආයුධ ආනයනය කිරීම නතර කරන බවයි. කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ ද සෞදිය සමග පවතින ඩොලර් බිලියන ගණනක ආරක්ෂක කොන්ත්‍රාත්තුවක් අවලංගු කිරීමට තර්ජනය කර ඇත.

පෙර ලිපිය –සෞදිය බොරු ජමාල් ඛෂෝගි කෙනෙක් මවලා!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි