මේ පුද්ගලයා ‘body double’ එකක්, එහෙමත් නැතිනම් ජමාල් ඛෂෝගි වැනි ම අයෙක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ. සමහරවිට, සෞදි අරාබිය වෙත ජමාල්ගේ ඉරණම ගැන ප්‍රශ්න කරමින් ලෝකය මෙතරම් හඬ නොනැගුවා නම් සෞදි අරාබිය තමන් අහිංසක බව කියාසිටීමට මේ පුද්ගලයා යොදාගැනීමට ද ඉඩ කඩ තිබුණේය. Khashoggi’s ‘body double’ is pictured leaving Saudi consulate
සීසීටීවී කැමරාවලින් පෙනී ගිය අන්දමට මෙසේ පිටවී යන පුද්ගලයා හැඳ සිටින්නේ, ජමාල් විසින් හැඳ සිටි ඇඳුම්ම, එනම් ජමාල්ගේ කමිසය, සූට් ජැකට්ටුව සහ කලිසම වේ.
CCTV images have emerged showing a Saudi intelligence officer dressed in a fake beard and Jamal Khashoggi’s clothes and glasses (left) on the day the journalist disappeared
මෙය කලින්ම සැලසුම් කර තිබූ දෙයක් බව පෙන්නුම් කරමින් මේ අබිරහස් පුද්ගලයා, ජමාල් ට තිබූ රැවුලට සමාන බොරු යටි රැවුලකින් ද යුක්ත වේ. නමුත් මේ පුද්ගලයා ගුවන් තොටුපොළේදී සහ තානාපති කාර්යාලයට ඇතුල් වන විට ඔහුට තිබී ඇත්තේ උඩු රැවුලක් පමණක්ය.
The footage also shows Madani wearing his own blue and white checked shirt and dark trousers
මේ වන විට විශ්වාස කරන්නේ සෞදි බුද්ධි අංශ නිලධාරීන් විසින් ජමාල් ඛෂෝගි ව මරා දැමූ බවයි. ජමාල්ගේ බොඩි ඩබල් ලෙස හැඳ පැළඳගෙන යන්නේ බුද්ධි අංශ නිලධාරියෙක්ම බවට සැක පළ වේ.
අහස පොළොව නූසුළන ලෙසට ජමාල් ව මරාදැමීමෙන් පසු, ජමාල් තුර්කියේ ඉස්තාන්බුල් නුවර වීදි දිගේ කිසි දෙයක් නොවුණා වගේ බ්ලූ මොස්ක් අවට ප්‍රදේශයේ ඇවිද යන්නේ මේ අනුව වේ. මේ කෙනා මෙසේ ඇවිද යන්නේ ජමාල් අවසන් වරට ජීවතුන් අතර සිටිනු දුටු අවස්ථාවෙන් පැය කිහිපයකට පසුව වේ.
පසුව ටැක්සියකින් බ්ලූ මොස්ක් ප්‍රදේශයට යන ඔහු පොදු වැසිකිළියකට ඇතුල් වී තමන්ගේ සුපුරුදු ඇඳුම ට මාරු වී, බොරු යටි රැවුල ද ගළවා දමා ඇවිද ගොස් තිබේ.
Madani was seen at the city’s airport earlier that day with just a moustache (pictured)
ජමාල් ඛෂෝගි මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට සෞදි ජාතිකයන් 15 දෙනෙක් සැක කරනු ලබයි. මේ පුද්ගලයා ද එයින් එක් අයෙකි. ඔහුගේ නිල නම මුස්තාෆා අල්-මදනි (Mustafa al-Madani) බව සීඑන්එන් පුවත්සේවය පවසන්නේය.
59 හැවිරිදි ජමාල් ඛෂෝගි ව මරා දැමීමට පෙර ඔහුට වධ දුන් ක්‍රම පිළිබඳ සාක්ෂිද මේ වන විට රැසක් ලැබී තිබේ. ඒවාට අනුව ඔහුව කොන්සල් කාර්යාලය එනම් තානාපති කාර්යාලය වෙත කැඳවන සෞදි බලධාරීන් ඔහුගේ ඇඟිලි කපා දමමින් වද දී මරා දමා තිබේ. පසුව ශරීරය ද කොටස්වලට කපා දමා ඇත.
තුර්කි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ සෞදි අරාබියේ ඔටුන්න හිමි ‘කුමාරයා‘ මොහොමද් බින් සල්මන් ගේ පිරිවර විසින් ජමාල් ඛෂෝගි ව මරා දැමූ දවස ඇතුළත ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලයට 4 වතාවක් දුරකථන ඇමතුම් ලබාදී ඇති බවයි. මේ අතර ඔටුන්න හිමි කුමාරයාගේ නිල කාර්යාලයේ ප්‍රධානියා වෙත සහ ඇමරිකාව වෙත ද දුරකථන ඇමතුම් දෙකක් කොන්සල් කාර්යාලයෙන් ලැබී ඇත.
මේ වන විටත් සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙන්නේ 15 දෙනාගේ කණ්ඩායමෙන් එක් අයෙක් ඛෂෝගිගේ ඇඳුම් ඇඳගෙන, ඛෂෝගි තානාපති කාර්යාලයෙන් පිටත්ව ගිය ආකාරයට පිටවී ගිය බවයි. මදානි නමැති මේ අනුකාරකය, ඛෂෝගිගේ උපැස් යුවළ පමණක් නොව, ඛෂෝගි පාවිච්චි කළ ඇපල් අත් ඔරලෝසුව ද පැළඳගෙන පිටුපස දොරෙන් පිටවී ගොස් තිබේ.
මේ වන විට ෆිස්ට් ෆයිට් එකකදී එනම් අතින් පයින් පහර දීමකදී වැරදීමකින් මිය ගිය බව බලධාරීන් කී ඛෂෝගිගේ සිරුරේ කොටස් ද හමු වී තිබේ. මෙසේ සිදුවන්නේ සෞදි විදේශ අමාත්‍යවරයා, ‘‘අවාසනාවකට වගේ ශරීරය තිබෙන තැන අපි දන්නෙ නෑ‘ යැයි බොරු කතා කියා තිබියදී ය. සෞදිය මේ ඝාතනය සිදුවූ බව පිළිගැනීමෙන් නොනැවතී ඒ ගැන විමර්ශනයක් ද දියත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහළ පෙළේ සෞදි නිලධාරීන් 5 දෙනෙක් සේවයෙන් පහ කර ඇති අතර, තවත් 18 දෙනෙක් අත්අඩංගුවට ද ගෙන ඇත.
මේ මොහොත වන විටත් සෞදි අරාබිය හැසිරෙන්නේ ‘අත්වැරදීමකින් ඛෂෝගි මිය ගිය බව‘ තහවුරු කරමින් තමන් අහිංසක බව නැවත නැවතත් කියා සිටිමිනි.
The footage is said to have been taken just hours after the writer was last seen alive entering the embassy (pictured) | AP
නමුත් තුර්කි බලධාරීන් චෝදනා කරන්නේ ඛෂෝගිගේ සිරුරේ කොටසක් සෞදියේ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමද් බිල් සල්මන්ගේ ශරීරාරක්ෂකයෙකු විසින් රටෙන් ද යවා ඇති බවට ය. එයට සාක්ෂි ද තිබේ. Middle East Eye පවසන ආකාරයට ඛෂෝගි ව දඩයම් කිරීම සඳහා යොදාගත් 15 දෙනාගේ කණ්ඩායමෙන් එක් අයෙක් ඛෂෝගිගේ සිරුරෙන් කොටසක් බෑගයක දමා ගෙන ගොස් ඇති බවට සැක පහළ වේ. මේ බුද්ධි අංශ නිලධාරියා මහර් අබ්බුද්ලාසීස් මුත්රෙබ් යනුවෙන් හඳුනාගෙන ඇත. ඔහු ඛෂෝගි අබිරහස් ලෙස ‘නැති වූ දා‘ එනම් ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවරින් ජෙට් යානාවක නැග තිබෙන්නේ සවස 6.20ට පමණ වේ. එම පුද්ගලයා ‘මහත් හදිස්සියකින්‘ පසු වූ බවට ද ඇසින් දුටු සාක්ෂි පවසයි. මොහොමද් කුමාරයා ඇමරිකාව, ප්‍රංශය සහ ස්පාඤ්ඤය වෙත මේ වසරේ සංචාරයට පැමිණි අවස්ථාවලදී කුමාරයා අසලින්ම සිටි, ඔහුගේ පරිවාර නිලධාරියෙකු වශයෙන් මේ තැනැත්තා හඳුනාගෙන තිබේ.
[embedyt] https://www.youtube.com/watch?v=0cZOR-qIWVQ[/embedyt]
මරා දැමූ ඛෂෝගිගේ සිරුර, කොන්සල් කාර්යාලයේම කළාලයක ඔතා කොන්සල් කාර්යාලයේම වාහනයක දමාගෙන යම්කිසි අයෙකුට භාර දී ඇති බවටත්, වෝහාරික විශේෂඥයෙකු ලවා මෙම අපරාධයේ සාක්ෂි මකා දමන්නට කොන්සල් කාර්යාල බලධාරීන් උත්සාහ ගත් බවට ද වාර්තා තිබේ.
සෞදියේ පාලකයන් දැඩි සේ විවේචනය කළ ජමාල් ඛෂෝගි, මෙයට අවුරුද්දකට පමණ පෙර ඇමරිකාවේ වොෂින්ටන් නුවර විප්‍රවාසයට ගියේ තමන්ගේ ජීවිතය බේරාගැනීමේ අරමුණිනි. ඔහු නැවත සෞදි අරාබිය බලා යාමට අදහස් කර තිබෙන්නේ විසම්මුතිකයන් වෙනුවෙන් සිදුකරන සමාජ ව්‍යාපාරයක කොටස් කරුවෙකු වීම සඳහා ද වේ.
නමුත් තමන් එන තෙක් සෞදි අරාබිය, වෘකයෙකු මෙන් කුරුමාණම් අල්ලමින් බලා සිටි බව ජමාල් ඛෂෝගි දැන සිටියේ නැත.
ජමාල් ඛෂෝගිගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව මේ වන විට සෞදි ඝාතකයන් විස්තර රැසක් හෙළි කර ඇත.
මහර් මුත්රෙබ් නමැති 15 දෙනාගේ කණ්ඩායමෙන් එක් අයෙක්, ඛෂෝගි විසින් සෞදියේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම උල්ලංඝනය කර ඇති බව පවසද්දී ජමාල් ඛෂෝගි එයට විරුද්ධත්වය පල කර ඇත්තේ, ‘‘නුඹලා මට මොනවද කරන්න හදන්නෙ? මාව කිඩ්නැප් කරන්නද යන්නෙ?“ යනුවෙන් අසා තිබේ.
එවිට, ‘‘ඔව්. අපි නුඹට බෙහෙතක් දීලා කිඩ්නැප් කරනවා‘ යැයි මහර් කියා ඇත්තේ තර්ජනාත්මක ස්වරයෙනි.
මෙයට විරුද්ධව ඛෂෝගි උස් හඬින් කතා කරන්නට ගත් විට එම කණ්ඩායම කලබල වූ බවත්, ඛෂෝගිගේ කට වැසීම සඳහා පහර දුන් බවත්, හුස්ම හිර කර මුව වැසූ බවත් මේ අපරාධයට සම්බන්ධ වූවන් පවසා තිබේ. තවද ඛෂෝගි ගේ ගෙළ කපා මරාදැමූ බවට පළ වන මත සනාථ වී නැති බව ද විමර්ශන කණ්ඩායම් පවසයි.
තුර්කි බලධාරීන් පවසන්නේ මේ සෞදි ඝාතකයන් විසින් ජමාල්ගේ සිරුරේ කෙටස් ඉස්තාන්බුල් නුවර බෙල්ග්‍රාඩ් කැලෑවටත්, ඉස්තාන්බුල් නුවරට සැතපුම් 55 ක් දුරින් පිහිටා තිබෙන යලෝවා නුවර අසල ස්ථානයකටත් විසි කර දමන්නට ඇති බවයි.
මළ සිරුර රැගෙන ගිය බවට සැක කරන්නේ මේම වාහනයේ ය.
මේ වන විට සෞදියේ මහා ආයෝජන සමුළුව වන ‘Davos in the Desert’ පුස්සක් බවට පත් කරමින් ලෝකයේ ප්‍රධාන පෙළේ ආයෝජකයන් ඇතුළු සමාගම් රැසක් එයින් ඉවත් වී ඇත. සෞදි අරාබිය අවසානයේ ගෝලීය සමුළුවක් වෙනුවට පවත්වන්නේ හුදෙකලා සන්දර්ශනයක් වේ.
සෞදි කුමාරවරුන් ඩාවෝස් සමුළුවේ තනි වී
ඇමරිකානු, යුරෝපියානු බලධාරීන් රැසක් ඛෂෝගිගේ ඝාතනය සහ අතුරුදන් වීම කෙරෙහි සිය බලවත් අප්‍රසාදය පළ කරමින් මෙයින් ඉවත් වී තිබේ. මෙම ආයෝජන සමුළුව පැවැත්වීමෙන් සෞදිය බලාපොරොත්තු වූයේ තමන්ගේ ගෝලීය ප්‍රතිරූපය නගා සිටුවන්නට ය. නමුත් ඛෂෝගිගේ ඝාතනයේ ඇත්ත තතු හෙළිවීමත් සමග ඒ සියල්ලම දැන් බුල්ඩෝසර් වී තිබෙන බව කිව හැකිය. ලෝකයේ ව්‍යාපාරික ප්‍රභූ පැළැන්තිය ඒකරාශී කර ගනිමින් ඔවුන් සැලසුම් කර තිබුණේ ලෝක ආර්ථික සංසදයට සමාන අරාබි බලවේගයක් නිර්මාණය කර ගැනීමයි. ඩාවෝස් හි වර්ෂයකට වතාවක් පැවැත්වෙන ලෝක ආර්ථික සංසදය සමග මෙහි කිසිදු සම්බන්ධයක් නොමැති වුවත්, ‘කාන්තාරයේ ඩාවෝස්‘ යනුවෙන් මෙයට නම් දීම මගින්ම ඒ බව පැහැදිලි වන්නේය. මේ යටතේ පුනර්ජන්‍ය බලශක්තියේ නව සොයාගැනීම් ඇතුළත්ව කාන්තාරය තුළ සම්පූර්ණයෙන්ම අලුත් පුරවරයක් නිර්මාණය කිරීම සම්බන්ධ සැලසුම් හෙළිදරව් කිරීමට සෞදි අරාබිය සැදී පැහැදී සිටියේ පසුගිය වසරේ පටන්ය.
කෙසේ නමුත් මේ වන විට මෙම සමුළුවට සහභාගි වීම් අවලංගු කර ඇති ලැයිස්තුව පහත දැක්වේ.
-U.S. Treasury Secretary Steven Mnuchin;
-JPMorgan Chase CEO Jamie Dimon;
-Blackrock CEO Larry Fink;
-MasterCard CEO Ajay Banga;
-HSBC CEO John Flint;
-Siemens CEO Joe Kaeser;
-Standard Chartered CEO William Winters;
-London Stock Exchange CEO David Schwimmer;
-Ford Executive Chairman Bill Ford;
-Uber CEO Dara Khosrowshahi;
-Los Angeles Times owner Patrick Soon-Shiong;
-New York Times Columnist Andrew Ross Sorkin;
-Google Cloud CEO Diane Greene;
-Former AOL CEO Steve Case;
-International Monetary Fund Managing Director Christine Lagarde;
-Virgin Group founder Richard Branson;
-Thrive CEO Arianna Huffington;
-World Bank President Jim Yong Kim;
-French Finance Minister Bruno Le Maire;
-Dutch Finance Minister Wopke Hoekstra;
-Britain’s trade minister, Liam Fox;
මෙම සමුළුවට මාධ්‍ය ආවරණය ලබාදීම එක හෙළා ප්‍රතික්ෂේප කළ මාධ්‍ය සමාගම් පහත දැක්වේ.
-New York Times;
-Financial Times;
-CNN;
-Bloomberg;
ජමාල් ඛෂෝගිගේ ඝාතනයත් සමග සෞදි අරාබිය සමග සබඳතා සම්පූර්ණයෙන් කපා දැමූ ආයතන ද ගණනාවකි. වොෂින්ටන් තින්ක් ටෑන්ක් වැනි බුද්ධිමය සංවිධාන, සෞදි අරාබියෙන් ආධාර අරමුදල් ලබාගැනීම නිල වශයෙන් නවතා දමා ඇත. වොෂින්ටනයේ සිට අරාබි හිමිකම් වෙනුවෙන් වැඩ කළ ආයතන, තවදුරටත් සෞදි අරාබිය වෙනුවෙන් පෙනී නොසිටින බව ප්‍රකාශ කර ඇත.
තුර්කි ජනපති රිසෙප් තායිප් එර්දොගන් පැවසුවේ, හෙට දිනය වන විට ඛෂෝගි ඝාතනයේ ‘නිරුවත් සත්‍යය‘ තමන් හෙළි කරන බවයි. ඛෂෝගිගේ ඝාතනය හෙළිදරව් කිරීම මගින් ලකුණු දමා ගන්නට උත්සාහ කළත් එර්දොගන් ද Fist fightsවලදී මිය ගිය බව පවසමින් සිය විරුද්ධවාදීන් ගණනාවක් ඝාතනය කළ බවට තොරතුරු රාශියක් තිබෙන බව මෙහිදී අමතක නොකළ යුතුය.
ජමාල් ඛෂෝගි ලියූ අවසන් තීරු ලිපියේ සිංහල පරිවර්තනය බලාපොරොත්තු වන්න..
පෙර ලිපි සියල්ල මෙතැනින් කියවන්න..