×

ට්‍රම්ප් හා කිම් දෙවන හමුවත් අසාර්ථකව අවසන් වෙයි.

පැවති සාකච්ඡා වලදී දෙපාර්ෂවයටම එකගත්වයකට පැමිණීමට නොහැකි වී ඇත.


ලෝකයේම අවධානය යොමු කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු ජනපති කිම් ජෝන් උන් අතර පැවති දෙවන වටයේ සාකච්ඡා සුළු මොහොතකට පෙර අවසන් විය. ඒ නියමිත වේලාවට පැය දෙකකට පෙරයි.

වියට්නාමයේ හැනෝහී දී පැවති මෙම දෙවන වටයේ සාකච්ඡා අවසන් වූයේ කිසිදු විසදුමකට හෝ ගිවිසුමකට එළැඹීමෙන් තොරව බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරයි.
සාකච්ඡා පැවැත්වූණ ඊයේ දිනයේ මෙන්ම අද පැවති සාකච්ඡා මූලාරම්භයේදීද ජනපතිවරුන් දෙදෙනාම පැවසුවේ ඉතා සුභ ආරංචියක් ළගදීම ලැබෙනු ඇති බවයි.

නමුත් පැවති සාකච්ඡා වලදී දෙපාර්ෂවයටම එකගත්වයකට පැමිණීමට නොහැකි වී ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් සිදු කිරීමට නියමිතව තිබූ පරිදි ගිවිසුම් අත්සන් කිරීම සදහා තිබූ මුල් සැළසුම් සියල්ල අත්හිටුවන ලදී.

උතුරු කොරියාව මෙන්ම කොරියානු අර්ධද්වීපය තුළ න්‍යෂ්ටික අවිහරණය මෙම සාකච්ඡාවන්හී මූලික පරමාර්ථය වුවද පසුගිය වටයේ මෙන්ම මෙවරත් නිශ්චිත තීරණයකට පැමිණවීමට ජනපතිවරුන් දෙදෙනාටම නොහැකි වී ඇත.

උතුරු කොරියානු නායකයා විසින් සිය න්‍යෂ්ටික අවි පිරික්සුම් නතර කිරීම හා න්‍යෂ්ටික අවිහරණය සම්පූර්ණයෙන්ම සිදු කිරීමටනම් ඇමරිකාව විසින් පනවා ඇති සියළු ආර්ථික සම්බාධක ඉවත් කළ යුතු බවට යෝජනා කළ අතර ජනපති ට්‍රම්ප් විසින් එම තීරණයට එකග වී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි