×

කිම් ජොන්ග්-උන් ගේ ඝාතනයට ලක්වූ සොයුරු CIA ඔත්තුකරුවෙක්?

උතුරු කොරියානු ඒකාධිපති කිම් ජොන්ග්-උන් ගේ මිය ගිය වැඩිමහල් සොයුරු කිම් ජොන්ග්-නම් CIA ඔත්තුකරුවකු බවට විදෙස් ජර්නලයක් වාර්තා කරයි.


2017 වර්ෂයේදී මැලේසියානු ගුවන් තොටුපලකදී ඝාතනයට ලක්වූ කිම් ජොන්ග්-උන් ගේ සොයුරා ඇමරිකානු CIA ඔත්තුකරුවකු බවට වාර්තා වේ.

“වෝල් සට්‍රීට් ජර්නල්” ට අනුව, කිම් ජොන්ග්-උන් ගේ සොහොයුරකු වන කිම් ජොන්ග්-නම් CIA සංවිධානයේ ක්‍රියාකරුවන් කිහිප විටකදීම මුණ ගැසී ඇත.

“ඔහු CIA ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධයක් තිබෙනා පුද්ගලයෙකි, එම සංවිධානය හා කිම් ජොන්ග්-නම් අතර සබඳතා මාලාවක්ම පැවත ඇත,” වෝල් ස්ට්‍රීට් ජර්නල් ප්‍රකාශ කරයි.

ජර්නලයේ වාර්තාවට අනුව, කිම් ජොන්ග්-උන් ගේ මිය ගිය වැඩිමහල් සොහොයුරු කිම් ජොන්ග්-නම් CIA ක්‍රියාකාරකම් පිළිබඳ යම් විශ්වාසයකින් පසුවූ බවත්, වෙනත් රටවල ආරක්ෂක අංශ සමඟ (විශේෂයෙන්ම චීනයේ) සබඳතා පැවැත්වූ බවත් සඳහන් වේ.

කෙසේ වෙතත්, CIA සංවිධානය මේ පිළිබඳ කළ විමසීමකදී තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර සිටියේය. 

කිම් ජොන්ග්-නම් ගේ මරණය පිළිබඳ මැලේසියානු බලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගත් වියට්නාම් ජාතික කාන්තාවක් වන දෝන් ති හුවොංග් ජූනි මස මුල් දින වලදී චෝදනා වලින් නිදහස් වී තම මව්බිම කරා පැමිණෙන ලදී. නම් ගේ මරණය සම්බන්ධයෙන් අවසාන වශයෙන් සිරගත වී සිටි හුවොංග් පවසා සිටියේ, මේ වන විට සිදුවීමේ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවය.

හුවොංග් ඇගේ යහපත වෙනුවෙන් යාඥා කළ සියළු දෙනා වෙත තම ස්තූතිය පළ කළාය.

කිම් ජොන්ග්-නම් ඝාතනය කිරීම සඳහා උතුරු කොරියානු සාහසිකයන් සතර දෙනෙකු හට සහයෝගය පළකළේ යන චෝදනා පිට හුවොංග් හා ඉන්දුනීසියානු ජාතික සිටී අයිසියාහ් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පෙන්වා දෙන ලද්දේ, දේශපාලනික උවමනා මත සිදුකරන ඝාතනයක ඉත්තන් බවට පත්කිරීමට ඝාතනය පසුපස සිටිනා පුද්ගලයන් මෙම කාන්තාවන් දෙදෙනා යොදාගත් බවයි. මෙම දේශපාලන සබඳතා සෘජුවම මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ ඇති උතුරු කොරියානු තානාපති කාර්යාලයට සම්බන්ධ බව ඔවුන් පෙන්වා දෙන ලදී. එමෙන්ම, නම් ව ඝාතනය කිරීමට මෙම කාන්තාවක් දෙදෙනා හට ඇති අවශ්‍යතාව කුමක්ද යන්න අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට ඔවුන් අසමත් වූ බවත්, මැලේසියානු නීතියට අනුව, මරණයක් සිදුකිරීමට ඇති අවශ්‍යතාව ඔප්පුකිරීම ඉතා වැදගත් බවත් ඔවුන් විසින් පෙන්වා දෙන ලදී.

කිම් ජොන්ග්-නම් යනු උතුරු කොරියාවේ පාලන බලය හිමි රාජකීය පවුලේ වැඩිමහල් පුතුය. ඔහු වැඩිකලක් ජීවත් වූයේ රටින් බැහැරව වූවද, වර්තමාන කිම් ජොන්ග්-උන් පාලනයට තර්ජනයක් ව පැවති බවට විද්වත්හු පෙන්වා දෙති. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි