×

උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් දියත් කරයි

මෙම දියත් කිරීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇත.


උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් එක්සත් ජනපදයෙන් සහ දකුණු කොරියාවෙන් එල්ල වන තර්ජන වලට එරෙහිව ඔවුන්ගේ මිලිටරි තත්ත්වය පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු ලබා ගැනීමේ හැකියාවන් හා බුද්ධි අංශ තොරතුරු රැස් කිරීමේ හැකියාවක් ඇති චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැළසුම් කර ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට දිගු දුර රොකට්ටුවක් අවශ්‍ය වන අතර මෙම දියත් කිරීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇත.

මීට පෙර උතුරු කොරියාව විසින් 2012 සහ 2016 වසරයන්හිදී සිය පළමු සහ දෙවන පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා කක්ෂගත කළ මුත් ඉන් කිසිදු ඡායාරූපයක් සම්ප්‍රේෂණය නොවූ බව විද්‍යාඥයන් දක්වයි.

උතුරු කොරියාවේ වැඩෙන න්‍යෂ්ටික තර්ජනවලට එරෙහිව ඔවුන්ගේ වැළැක්වීම සඳහා එක්සත් ජනපද සහ දකුනු කොරියානු හමුදා ඔවුන්ගේ ඒකාබද්ධ අභ්‍යාස යුධ ගුවන් යානා 110ක් පමණ සම්බන්ධ කරගනිමින් පුළුල් කරමින් සිටින අතර ජපානය සමඟ එක්දින නාවික මිසයිල ආරක්ෂණ අභ්‍යාසයක් ද දියත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ යෝජනාවලට පටහැනිව දැනට අඛණ්ඩව උතුරු කොරියාව විසින් ආයුධ අත්හදා බැලීම් සිදු කරනු ලබන අතර ඊට එරෙහිව එක්සත් ජාතීන් පනවනු ලබන සම්බාධක වලින් ඔවුන් වැලකී සිටින්නේ රුසියාව සහ චීනය සිය නිෂේධ බලය යොදමින් ඔවුන්ව ආරක්ෂා කරනු ලබන හෙයිනි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි