×

චාල්ස් රජු කෙන්යාවේ දී බ්‍රිතාන්‍ය පාලනය යටතේ අතීත වැරදි පිළිබඳ ශෝකය පලකරයි

සටහන – සශිකලා මධුෂාණී ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ කෙන්යාවේ රාජ්‍ය සංචාරයේ දී කෙන්යාවේ නිදහස සඳහා වූ අරගලයේදී බ්‍රිතාන්‍යයේ පිළිකුල් සහගත සහ සාධාරණීකරණය කළ නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ චාල්ස් රජු සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. චාල්ස් රජුගේ පැමිණීමට ගෞරව පිණිස පැවැති භෝජන සංග්‍රහයකදී රජු මේ බව ප්‍රකාශ […]


සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ කෙන්යාවේ රාජ්‍ය සංචාරයේ දී කෙන්යාවේ නිදහස සඳහා වූ අරගලයේදී බ්‍රිතාන්‍යයේ පිළිකුල් සහගත සහ සාධාරණීකරණය කළ නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ චාල්ස් රජු සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

චාල්ස් රජුගේ පැමිණීමට ගෞරව පිණිස පැවැති භෝජන සංග්‍රහයකදී රජු මේ බව ප්‍රකාශ කර තිබිණි.

කෙන්යානු පුරවැසියන්ට සිදු කරන ලද ම්ලේච්ඡ හා අමානුෂික සැලකීම සම්බන්ධයෙන් කෙන්යාවේ මානව හිමිකම් කොමිසම (KHRC) විසින් කොන්දේසි විරහිතව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලෙස බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් රජුගෙන් ඉල්ලා තිබේ.

1952 සහ 1960 බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව පැවැති කෙන්යාවේ නිදහස් සටනේදී කෙන්යානුවන් මිලියන 1.5 ක් පමණ කදවුරුවල සිරගත කරන ලද අතර එහිදී ඔවුන් වධහිංසාවට, දූෂණයට සහ අමානුෂික ලෙස සැලකීමට ලක් කරන ලදී.

මෙම යටත් විජිත පලකයන්ගේ කුරිරු මර්දන පිළිබඳ ලේඛන විමර්ශනය කිරීමේදී ඉතිහාසඥයින් ප්‍රකාශ කර තිබුණේ, එක්සත් රාජධානියේ රජය කෙන්යාවේ පාලන පිළිබඳ ලැජ්ජා සහගත හා අපකීර්තිමත් තත්වයකට පත් විය යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි