×

ජාතිවාදියෙකුගේ කතාවක්

KKK හෙවත් ක්ලූ ක්ලූක්ස් ක්ලෑන් කල්ලියේ ‘මහේශාක්‍ය මහා මායාකාරයා’ යන අන්වර්ථයෙන් හැඳින්වූ බිල් විල්කින්සන් ද දැන් නැවතත් පුවත් මවමින් සිටියි.


විසිවන සියවසේ ලොව බිහිවූ දරුණුතම හා ම්ලේච්ඡතම ‘කල්ලිය’ ලෙස සැලකෙන KKK හෙවත් ක්ලූ ක්ලූක්ස් ක්ලෑන් මෙයට වසරකට පමණ පෙර පුවත් මවන්නට වූයේ ඔවුන් ඇමරිකාව තුළ නවකයන් බඳවාගැනීම නැවත ආරම්භ කළ නිසා ය. මේ අතර, කල්ලියේ ‘මහේශාක්‍ය මහා මායාකාරයා’ යන අන්වර්ථයෙන් හැඳින්වූ බිල් විල්කින්සන් ද දැන් නැවතත් පුවත් මවමින් සිටියි. වසර තිස්එකකට පසු ඔහුව සොයාගත්තේ බි්‍රතානයේ ඩේලිමේල් පුවත්ජාලයේ මාධ්‍යවේදීන් විසිනි. 1984 වර්ෂයේදී සලකුණක්වත් ඉතිරි නොකොට අතුරුදන් ව යන විට කල්ලියේ ‘අදෘෂ්‍යමාන නයිට්වරුන්ගේ කණ්ඩායමේ’ නායකයා ඔහු විය. කල්ලියේ දේශපාලන ස්ථාවරය වූයේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදයයි.

එනිසා ඔහු භයානක සහ අවදානම් අයෙකු බවට ශිෂ්ට සම්පන්න ලෝකයට සැකයක් තිබුණේ නැත. නමුත් ඩේලි මේල් කණ්ඩායමට ඔහු ව හමුවන විට ඔහු බෙලයිස් රාජ්‍යයේ ඩොලර් මිලියන ගණනක් වටිනා නිවාඩු නිකේතනයක හිමිකරුවෙකි. ’‘පේනව නේද…? මගෙ වටේට රස්තෆාරියානුවො, කල්ලො, ස්පාඤ්ඤකාරයො ඉන්නවා…’ සැන් පෙදේ‍රා් හි සක්මන්කරන අතර ඔහු කියන්නේ විනෝදකාමී ස්වරයෙනි. විටෙක සවිමත් කළු ගැහැනියක් ඔහු ව අල්ලා පොඩි දරුවෙකු මෙන් වඩාගන්නා අයුරු ද දැකිය හැකිය. බාබක්‍යු කළ මස් මාළු කමින්, මාළු බාමින්, මුහුදේ කිමිදෙමින් සහ දූපතේ ඇවිදිමින් ඔහු ගෙවන්නේ ඉතා නිදහස්, සැපපහසු දිවියකි. 72 හැවිරිදි මහල්ලෙකුට එය නොගැළපෙන බවක් ද පෙනේ. ජනමුත් බිල් විල්කින්සන් මේ හදන්නේ කළ පව් සෝදා ගන්නටද? 70-80 දශකයේ ඇමරිකාවේ සිටි භයානකම සුදු ජාතිකයා ඔහු බවට වාදයක් නොවිණි. තවද ක්ලූ ක්ලූක්ස් ක්ලෑන් හි බිහිසුණු වේශය බිල් විල්කින්සන්ලා වන බව ය. 1865 වසරේ මධ්‍යස්ථ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කිහිප දෙනෙකුගෙන් ඇරඹි මේ කල්ලිය, සියවසක් යන තැන අපකීර්තිමත් මිනිස් ඝාතනවලට නම් දරා සිටියේය. බිල් අයත්වූයේ කල්ලියේ තුන්වන පරම්පරාවට ය.

ප්‍රොතෙස්තන්තවාදීන් වූ ඔවුහු කුරුසි ගිනි තැබූහ. සුදු ඇඳුමින් සැරසී සිටියහ. නයිට්වරුන් මෙන් ත්‍රිකෝණාකාර උල් තොප්පි පැළඳූහ. ගිනිඅවි හරඹයේ අති දක්ෂයෝ වූහ. කල්ලන් සමග බද්ධ වෛරයෙන් පසුවූහ. මේ පොදු ලක්ෂණවලට සාපේක්ෂව බිල්ට කැපී පෙනෙන නිර්භීත කමක් ද විය. එනම්, ඔහු කිසි විටෙක සිය මුහුණ හංගා නොගත්තේය. ඔහු එකල මාධ්‍ය හමුවේ ප්‍රකාශද නිකුත් කළේය. සීඑන්එන් පුවත්සේවයේ ‘ක්‍රොස්ෆයර්’ වැනි වැඩසටහන්වලට ද සහභාගි වූයේය. එකල ඔහු කීවේ මොනවාද? ‘දෙවියන් වහන්සේ අපට වෙනත් ජාතීන් සමග මිශ්‍ර නොවන ලෙස කියා තිබෙනවා..’’

කෙසේ වෙතත් මිශ්‍ර ජන වර්ග වෙසෙන මේ මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය, බිල් විල්කින්සන් ව පිළිගෙන තිබෙන්නේ මිත්‍රශීලී විලාසයකිනි. ‘ඔහු ගෙ අතීතය අපට වැඩක් නෑ’ යැයි බිල්ගේ රස්තෆාරියන් මිතුරෙක් කියයි.

Description 02 : 1975 සිට 1984 දක්වා කල්ලියේ අදෘෂ්‍යමාන නයිට්වරුන්ගේ නායකයා ලෙසට කටයුතු කළ ඔහු ඉක්මනින්ම නීතියට අවශ්‍ය අයෙක් බවට පත්විය. ඔහු භයානක මිනිසෙකු යැයි 1977 වසරේ ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවය ප්‍රථම වතාවට අනතුරු අඟවා සිටියේය. එනිසා ඔහු රටින් පළා ගියේය. බිල් සිය ගමනාන්තය ලෙස බෙලයිස් රාජ්‍යය තෝරාගත්තේ ඇයිද යන්න පැනයකි. කෙසේ වෙතත්, සිය ක්ලූ ක්ලූක්ස් ක්ලෑන් මතවාදයන් ඇමරිකාවෙන් ඔබ්බට පැතිවීමට අවශ්‍ය වූ නිසා බිල් 1978 වසරේ ලන්ඩනයේ ණණණ රැළියක් සංවිධානය කළේය. ඒ බව සැළවූ විට එක්සත් රාජධානිය කළේ ඔහුට සිය රටට පැමිණීමට නොහැකි වන පරිදි ගමන් තහනමක් දැමීමයි.

බිල් ඇමරිකාව පුරා සුදු ජාතිවාදය අවුළුවමින් පා ගමන් සිය ගණනක් සංවිධානය කළේය. ඒවායේ ගමන් කරන විට සිය සාමාජිකයන් ගිනි අවි, තඩි පිහියා සහ පොලූවලින් සන්නද්ධ විය යුතු බව ඔහුගේ දැක්ම විය. එයින් ඔහු කල්ලන් වෙත තර්ජනාංගුලිය දිගු කළේ සිය උසස් ජන්මයට අභියෝග කිරීමට උත්සාහ කළොත් හොඳින් නොව නරකින් සියල්ල අවසන් වන බවට අනතුරු අඟවමිනි. ‘ක්ලැන් ගාඩ්’ යනුවෙන් පැරාමිලිටරි ගණයට අයත් ආයුධ පුහුණු කඳවුරු ද බිල්ගේ සංකල්පයක් අනුව බිහි විය. සංවිධානයට නොනවත්වා අරමුදල් ගලා ආ අතර, පිරිමි සාමාජිකයන්ට ඒවාට ඇතුළත් ව අවි පුහුණුව ලද හැකි විය.

මීට අමතරව ‘යං කෝප්ස්’ යනුවෙන් සාමාජිකයන්ගේ දරුවන් සඳහා ද ඔහු වෙනම කඳවුරක් ආරම්භ කළේය. කඳවුරු පවත්වාගෙන යාම ඔහු සාධාරණීකරණය කළේ ‘මතුයම් දිනෙක වාර්ගික යුද්ධයක් ඇති වුවහොත් සිය සාමාජිකයන් එයට සූදානමින් සිටිය යුතුය’’ යන ස්ථාවරය මගිනි. 1965 වසර වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හිස ඔසවා තිබිණි. එයට සහභාගි වූ වයෝලා ලූසියෝ නමැති සිවිල් සංවිධාන ක්‍රියාකාරිනිය එම කල්ලිය විසින් මරා දමන ලදී. වර්ගවාදයට එරෙහිව මාටින් ලූතර් කිං මහා ජන ගඟක් සමග සෙල්මා නගරයේ සුප්‍රසිද්ධ ජන රැළිය පැවැත්වූයේ ද ඒ වර්ෂයේ ය. ‘කේකේකේ නයිට්රයිඩර්ස්’ නමින් මෙම ඝාතන සිදුකළ කණ්ඩායම කල්ලිය තුළ හැඳින්විණි. එම මරණය සම්බන්ධයෙන් බිල් පසුව වොෂින්ටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ, තමන්ට ඒ පිළිබඳ කිසිම පසුතැවීමක් නැති බවයි. ‘ඇය ජාතීන් මිශ්‍ර කරන්නට බැලූවා… ඒක තමයි මිනිහෙකුට කරන්නට පුළුවන් ලොකුම පව.’ යැයි ඔහු කිීවේය. ක්ලූ ක්ලූක්ස් කල්ලිය දැරූ මතය වූයේ ඇමරිකාව තුළ දිනෙන් දින වැඩිවන කළු ජාතිකයන්ගේ ජනගහනය හේතුවෙන් සුදු ජාතිකයන්ට අවස්ථා අහිමිවන බව ය. බිල් ට අනුව ඔහු ක්ලෑන් සාමාජිකයෙක් බවට පත්වූයේ 1964 වර්ෂයේ සිවිල් අයිතිවාසිකම් පනත සම්මත වීමත් සමග ය. 1979 වසරේ ඇල්බාමාවේ පැවති ජන රැුළියකදී බිල් විල්කින්සන් ජනතාව අමතා මෙසේ කීවේය. ‘අපිට නිදහස් ව්‍යවසායක් අවශ්‍යයි. හොඳම කෙනා දිනනවා දකින්නට අපට අවශ්‍යයි.

ඒ හොඳම කෙනා, අනිවාර්යයෙන්ම සුදු ජාතිකයෙක්..’ කෙසේ වෙතත් මිශ්‍ර ජන වර්ග වෙසෙන මේ මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය, බිල් විල්කින්සන් ව පිළිගෙන තිබෙන්නේ මිත්‍රශීලී විලාසයකිනි. ‘ඔහු ගෙ අතීතය අපට වැඩක් නෑ’ යැයි බිල්ගේ රස්තෆාරියන් මිතුරෙක් කියයි. බිල් ගෙන් තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී අතමාරුවක් කරගතහැකි බවද ඔහු කියන්නේ සතුටිනි. සිය අතීතය දූපත්වාසීන්ගෙන් අති බහුතරය දන්නා බව බිල් කියයි. එසේ තිබියදීද වසර 30 ක් ඔවුන් සමග දැනට ජීවත්වී සිටීම ඔහු සලකන්නේ තමන් ලද ජයග්‍රහණයක් ලෙස ය. බිරිඳ මිය යාමෙන් පසු ඔහු දැන් සිය පෙම්වතිය සමග සුවසේ වෙසෙයි. නමුත් ඔහුගේ සිතිවිලිවල වෙනසක් සිදුවී ඇතැයි කිව නොහේ. ‘මම කළු ජාතිකයන්ට වෛර කරන්නෙ නෑ….නමුත් උන් ව වෙන්කරල තියන්න ඕනෙ… මම මගෙ දරුවෙකුටවත් මුනුබුරෙකුටවත් වෙන ජාතියක කෙනෙක් එක්ක විවාහ වෙන්න ඉඩ තියන්නෙ නෑ’ ජාතිවාදී ගොහොරු සිතෙන් මිදෙන්නට අවංක උවමනාවක් නැති බිල් විල්කින්සන් ට අවසානයේ කියැවුණේ එයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි