කන්ට් ඇන්ඩ් ද ගැන්ග් නම් වූ බ්‍රිතාන්‍ය උත්ප්‍රාස ගායක විසින් එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ඉලක්ක කර ගනිමින් නිර්මාණය කළ බොරිස් ජොන්සන් ඊස් අ ෆකිං කන්ට් නම් ගීතය බ්‍රිතාන්‍යයේ බීබීසී රේඩියෝ ගීත දර්ශකයේ පස් වන ස්ථානයට පැමිණ තිබේ.
කන්ට් ඇන්ඩ් ද ගැන්ග් නම් ගායක යා ගේ සංගීත මාදිලීන් (genre) බොහෝ විට සින්ත්පොප්, කොමඩි, නොවල්ටි හා පන්ක් රොක් ආකාරය ගන්නා අතර, මෙම ගීතය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට අපහාස කිරිමේ චේතනාවෙන් නිර්මාණය කරන ලද්දක් ද පිළිබඳව පැහැදිලි කිරීමක් තවමත් නොපවතී.
කෙසේ වෙතත්, ගීතය පුරාවට බොරිස් ජොන්සන් ඊස් අ ෆකිං කන්ට් (බොරිස් ජොන්සන් කාන්තාවකගේ ලිංගික අවයව වලට සමාන කර ඇත) යන පදය ඇසෙන අතර, සමස්ත ගීතය පුරාවට ඇසෙන එකම පද පෙළ වන්නේ එය පමණි.
කන්ට් ඇන්ඩ් ද ගැන්ග් සිය කලාව තුළින් බොහෝ විට ලිංගිකත්වය, ලිංගික සංසර්ගය ආදී වූ ආන්දෝලනාත්මක මාතෘකා සංගීතයට නඟන අතර, එයට උත්ප්‍රාසය මුසු කරමින් විකට ගීත ලෙස ඉදිරිපත් කිරීම ඔහුගේ ස්වභාවයයි.
ඉහත ගීතය බීබීසී ගීත දර්ශකය තුළ පැවති බොහෝ ගීත අභිබවා යමින් පස්වන ස්ථානයට පැමිණීම තුළින් එරට සංගීත ප්‍රේක්ෂකයින් ගේ රසාස්වාදය හා / හෝ දේශපාලන කියවීම පිළිබඳව ද යම් අදහසක් ලබා ගැනීමට හැකිවේ ය යන්න අපගේ මතයයි.