×

ගල්ෆ් අර්බුදය පිළිබඳ අවධානය යොමුකරන මෙන් මැද පෙරදිග රටවල් තුනකට කුවේටයෙන් ඉල්ලීම්

මේ පිළිබඳ අවධානය යොමුකරන මෙන් එකී රටවල් ත්‍රිත්වයට දැනුම් දුන් මුත් මේ වන තුරුත් ප්‍රතිචාරයක් දක්වා නොැමැත.


ගල්ෆ් කලාපයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් ඉරානය, සෞදි අරාබිය හා බහරේනයට පණිවුඩ ලබා දුන් බවට කුවේට් රාජ්‍යය පවසයි.

කුවේට් නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ක්හාලෙඩ් අල්-ජරල්ලහ් මහතා ඊයේ (05) දින ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳ අවධානය යොමුකරන මෙන් එකී රටවල් ත්‍රිත්වයට දැනුම් දුන් මුත් මේ වන තුරු කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

සිය කලාපීය ප්‍රතිවාදියා වන සෞදි අරාබිය සමඟ මැදිහත්කරුවකුගේ සහය ඇතිව හෝ නොමැතිව ගල්ෆ් කලාපයේ අර්බුද පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ඉරානය සූදානම් බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය ඔක්තෝබර් මසදී ප්‍රකාශ කර තිබිණි. මීට අමතරව පසුගිය සැප්තැම්බර් 14 වන දින ගෝලීය බලශක්ති සැපයුම් දාමයට ද මරු පහරක් එල්ල කරමින් සෞදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය දියත් කිරීම පිළිබඳ සෞදි පාර්ශවයෙන් චෝදනා නඟා තිබුණේ ටෙහෙරානය වෙතය. මෙකී චෝදනා ඉරානය විසින් ප්‍රතික්ෂේප කර සිටින ලදී. 

ගල්ෆ් කලාපය තුළ සෞදි අරාබිය හා ඉරානය අතර විවිධ අන්දමේ ගැටුම් අතීතයේ පටන් ම දියත් වී තිබිණි. මෙකී චෝදනා හමුවේ ඉරානය ප්‍රකාශ කොට තිබුණේ තම රාජ්‍යයට සන්නද්ධ අරගලයකට යොමුවීමට අවශ්‍යතාවක් නොමැති බවත්, දේශපාලන විසඳුමක් කරා ළඟා වීම අපේක්ෂාව බවත් ය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි