×

බයිඩන්ගේ පදවි ප්‍රාප්තියේ දී ලේඩි ගාගා ඇමරිකානු ජාතික ගීය ගායනා කළ මොහොත! (VIDEO)

මෙම අවස්ථාවේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වනුයේ ඇමරිකානු ජාතික ගීය ලේඩි ගාගා විසින් ගායනා කිරීමයි. 


ෂෙර්, මැඩෝනා, බ්‍රිට්නි ස්පියර්ස් නම් යුග 6ක පොප් සංගීතයේ රැජිනට හිමි කිරුල ඩැහැ ගත් ගැහැණිය ඇයයි.

එකම චිත්‍රපටයට (A Star is Born) ඔස්කාර් (Academic Awards), බ්‍රිතාන්‍ය චිත්‍රපට ඇකඩමි (BAFTA), ගෝල්ඩන් ග්ලෝබ් (Gloden Globe) සහ ග්‍රැමී (Grammy) යන සම්මාන හතරම ලැබි ලොව එකම කාන්තාව ඇයයි.

සංගීත ක්ෂේත්‍රයෙන් ඔබ්බට, රංගන ශිල්පිනියක, මානව හිමිකම් ක්‍රියාකාරිනියක, මානසික සෞඛ්‍යය පිළිබඳ ක්‍රියාකාරිනියක, ලිංගික අපයෝජනයේ හා ළමා අපයෝජනයේ වින්දිතයින්ගේ ආරක්ෂකයකු, දේශපාලන විචාරකවරියක හා දානපතිනියක ලෙස ජනප්‍රිය ඈ ලේඩි ගාගා ය.

එක්සත් ජනපදයේ 46 වන ජනාධිපති ලෙස ජෝ බයිඩන් මහතා ධුරයේ දිව්රුම් දුන් පදවි ප්‍රාප්ති උත්සවය ඊයේ (20) දිනයේ ලොව වැඩිපුරම කතාබහට ලක්වූ අවස්ථාවයි.

එහෙත් මෙම අවස්ථාවේ සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් වනුයේ ඇමරිකානු ජාතික ගීය ලේඩි ගාගා විසින් ගායනා කිරීමයි.

කවදත් සාම්ප්‍රදාය අභියෝගයට ලක්කළ කාන්තාවක් වූ ලේඩි ගාගා මෙවර රන්වන් පරවියකුගේ ලාංඡනය රැගත් කළු සහ රක්තවර්ණ ගවොමකින් සැරසී ජෝ බයිඩන් මහතා ගේ පදවි ප්‍රාප්ති උත්සවයේ ඇමරිකානු ජාතික ගීය ගායනා කිරීම බොහෝ දෙනා ගේ අවධානය ට ලක් විය.

ප්‍රාසාංගික ගීත ගායනය ප්‍රගුණ කළ කාන්තාවක වූ ලේඩි ගාගා ඇගේ සුපුරුදු ගායන විලාශය ද අභිබවා රාජකීය ගීත ගායනයට හඬ පෙවූ අන්දම අති මනරම් ය.

වීඩියෝව පහතින්:

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි