×

දියමන්ති වෙනුවට ගැහැනු විකුණන ලාහෝරයේ ඩයමන්ඩ් මාර්කට්

එක රැයකට එය විවෘත ව තිබෙන්නේ පැය දෙකක කාලයක් පමණකි. නමුත් ඒ ද්විත්ව හෝරාව තුළ සියල්ල සිදුවේ.


 පාකිස්තානයේ ලාහෝර් නගරය රහසක් දරා සිටියි. දේව යාඥාවන්ගේ හඬ සමග කිළිටි රහසක් ද දේවස්ථාන මස්තකයන්ට ඉහළින් පාවී යයි. ලාහෝර් නගරයේ ඩයමන්ඞ් මාකට් හෙවත් දියමන්ති මාර්කැට්ටුවට ගොඩවදිමු. එහි විකිණෙන්නේ දියමන්ති නොව ගැහැනුන් ය. එක රැයකට එය විවෘත ව තිබෙන්නේ පැය දෙකක කාලයක් පමණකි.

නමුත් ඒ ද්විත්ව හෝරාව තුළ සියල්ල සිදුවේ. පොලිස් නිලධාරියෝ නොදුටු දෑසින් සිටිති. අන්ධකාර සඳලුතල සහ පටු බරාඳ මනා ලෙස හැඳපැළඳගත් ගැහැනුන්ගෙන් පිරී යයි. ඉක්බිති පුරුෂයෝ පැමිණෙති. ගැහැනු ඔවුන් සමග ලෝකයේ පැරණිම රැකියාවේ යෙදීම පිණිස දොරගුලු දමති. දියමන්ති මාර්කැට්ටුවේ සේවය කරන ගැහැනුන් ලෝකයට කියන්නේ සාමාන්‍ය කතාවකි. නැටුම් සහ ගැයුම්වලට කැමති පිරිමි මෙහි එන බව ඔවුහු කියති. ඔවුන් කියන්නේ එපමණකි. ඒ ආරක්ෂාව සඳහා ය. තරුණ ගැහැනිය වසන්නේ ද මේ වීදියේය. දියණියන් දෙදෙනෙකු සහ පුත්‍රයා ජීවත් කරවීමේ වගකීම මේ ගැහැනියගේ කෙසඟ සිරුර මතය. කාමර දෙකක් පමණක් ඇති ගෙදරට ඇය ගැනුම්කරුවා කැඳ වාගෙන එනවිට ඔවුන්ට සයනයේ ඉඩ ලබාදෙමින් ඇගේ වැඩිමල්ම පුත්‍රයා ඇගේ දෙමස් වයැති ළාබාල බිළිඳා රැගෙන ඉවත යයි. තම මව රැකියාවක යෙදෙන බව ඔවුහු දනිති. ඇගේ සත්‍ය නම නාර්ගීස් ය.

දැන් බොහෝ වෛශ්‍යාවන් මෙන් ඇය ද දුම්බොන්නට හුරු වී සිටියි. නිවසේ කවුලුවෙන් බලන විට ඇයට බාච්චයි පල්ලියේ උස් මුදුන පෙනේ. එය පිහිටා තිබෙන්නේ නගරයේ ‘රෙඞ් ලයිට් ඒරියා’ හෙවත් ‘රතු එළි ප්‍රදේශය’ මායිම් කරමිනි. තමන්ට කිසිදා මුස්ලිම් ගැහැනියක වශයෙන් එම සීමාවෙන් ඔබ්බට පය තැබිය නොහැකි බව ඇය දන්නීය. නමුත් ගැනුම්කරුවෝ ඇය සොයා රතු ඉර පැන මෙහි එති. රෙඞ් ලයිට් ඒරියා හි සැරිසරන විට මේ කාන්තාවෝ ද බුර්කා පළඳිති. ඇතැම් රාත්‍රීන් හි කලු තඩි පැජරෝ රථ වලින් මෙහි පැමිණෙන්නෝ ප්‍රාදේශීය දේශපාලනඥයෝ ය. පොලීසිය අපකීර්තිමත් කලාපයේ වෙසෙන මේ ගැහැනුන්ට ආරක්ෂාව සපයන්නේ ප්‍රීතියෙනි. දහඅටවන සියවසේ බි්‍රතාන්‍ය යටත්විජිතවාදීන් විසින් ඉන්දියානු උපමහද්වීපයේ ඇති කළ රෙඞ් ලයිට් ප්‍රදේශ, 1947 වසරේ ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන්වී ගිය විටද ලාහෝර් සහ මුල්තාන් වැනි ස්ථානවල තවදුරටත් ක්‍රියාත්මක වෙයි. රාත්‍රී නවය වන විට නාර්ගීස් රැකියාවට යාම සඳහා සූදානම් විය යුතුය. ඇය කෙසඟ නමුත් තවමත් තරුණ වියේ පසුවෙයි. නර්තන හැකියාව ද හොඳින් ඇත. වත්සුණු සහ තොල් සායම්වලින් හැඩ වූ ඇගේ මුහුණේ සරාගී පෙනුමක් නැතද ඇය අතිශය ආකර්ෂණීය බව ගැනුම්කරුවන්ගේ අදහසයි. සමහර රාත්‍රීන්වලදී ඇයට පාකිස්ථාන රුපියල් දෙදහස් අටසියයක් පමණ උපයා ගැනීමට ලැබේ. එවිට සමහරවිට දින කිහිපයක්ම පිටත නොගොස් නිවසේ දරුවන් සමග රැඳෙ න්නට ඇය ට පුලුවන.

අතීතයේ විවාහ මංගල උත්සව ඇතුලු සෙසු උත්සවවලට සහභාගි වී මුදල් උපයාගැනීමට පුරුදු ව සිටි නාර්ගීස් මේ ඉරණමට ඇද දැමුවේ පවුල් ප්‍රශ්න විසිනි. විවාහය ඇය සිතා සිටි ආකාරයේ දෙයක් නොවීය. සැමියාගේ අසාමාන්‍ය පහරකෑමට දිනපතා ඈ ලක්වූවාය. එය නතර වූයේ ඇය සිය දරුවන් තිදෙනාද සමග දියමන්ති මාර්කැට්ටුවේ කුඩා නිවසකට පදිංචියට පැමිණීමෙනි. පාකිස්ථානය නව සහශ්‍රකය මහත් උත්සව ශ්‍රීයෙන් වැළඳගත් දිනයේම ඇය වෛශ්‍යා වෘත්තිය වැළඳගත්තාය. ඇයට තෝරාගැනීමක් නොවීය.

සැමියාගේ ගුටිබැහැටවලින් තොරව ස්වාධීන ජීවිතයක් ගත කිරීමට ලැබීම ඇයට සතුටකි. එක් රාත්‍රියකට අවම වශයෙන් රුපියල් හාරසියයක් සොයාගැනීමට ඇයට පුලුවන.

රතු එළි පෙදෙසේ ජීවිතය වටහාගැනීමට දුෂ්කර ය. නාර්ගීස් ද කෙමෙන් කෙමෙන් සිය දිවිය සංකීර්ණ බව වටහාගනිමින් සිටියි. ඇය රාත්‍රියට රැකියාව කරයි. ශුද්ධ වූ මුහාරම් මාසයේ ඇය රැකියාව අත්හරින්නීය. නිවසේ සිට අල්ලා දෙවියන් නමදින්නීය. තමන් නියම මුස්ලිම් කතක් නොවන බව හෘද සාක්ෂිය දන්නා නිසා ඇයට සම්ප්‍රදාය පරිදි පස් වරක් දෙවියන් වඳින්නට සිත් දෙන්නේ නැත. ඇගේ පළමු අරමුණ පව්කාර රැකියාව නිසා රැස්කරගන්නා පව් සමා කරන ලෙස අයැදීමයි.

නාර්ගීස් ස්වාධීන වෛශ්‍යාවක ලෙස කටයුතු කරන්නේ හේතු දෙකක් නිසා ය. තැරැව්කරුවන්ගෙන් අමතර ගැහැට නොමැති වීම එක් හේතුවකි. එයට අමතරව සිය පව්කාර රැකියාවට තවත් එක් අයෙකු හෝ සම්බන්ධ කර ගැනීම පාපයක් ලෙස ඇය සලකයි. සැමියාගේ ගුටිබැහැටවලින් තොරව ස්වාධීන ජීවිතයක් ගත කිරීමට ලැබීම ඇයට සතුටකි. එක් රාත්‍රියකට අවම වශයෙන් රුපියල් හාරසියයක් සොයාගැනීමට ඇයට පුලුවන. පාක්ස්ථානයේ නීතිය අනුව ගණිකා වෘත්තිය සපුරා තහනම්ය. එය දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. තලෙයිබාන් පාලනය පවතින ප්‍රදේශයකදී නාර්ගීස් මෙසේ කළේ නම් ඇයව ගල් ගසා මරා දමනු ලැබෙයි. නාර්ගීස් රැයේ පිටතට යාමට සූදානම්ව මුහුණේ වත්සුණු තවරයි. ඇගේ දස වියැති දියණිය ඒ දෙස බලා සිටින විට දියණියගේ දෙකොපුල්වලද වත්සුණු තැවරීමට ඇය අමතක කරන්නේ නැත. දියණියගේ අනාගතය ගැන ඇය පසුතැවෙන්නීද? ඒ බව ඇයම නොදන්නීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි