×

ඇගේ අවසන් සේයා…

F_MU1 නම් වූ කෙන්යානු ඇත් රැජින පසුගියදා සිය අවසන් සුසුම් හෙළුවාය.


මහපොළොව ස්පර්ෂ කරන තරමේ දිගින් යුත් දළ ඇති අප සාමාන්‍යයෙන් දන්නා කියන හස්තියෙකුටත් වඩා උසින් යුතු කෙන්යානු හස්තියා හැදින්වූයේ F_MU1 නමිනි.

ඇය සැබවින්ම කෙනෙරකි. එනම් හස්ති රැජිනකි. මෙවැනි විශාල හස්තීන් කෙනේයාවේද සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයකි. F_MU1 පසුගියදා මිය යන විට ඇය සිටියේ 60 හැවිරිදි වියේය.

බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පී විල් බුරාඩ් ලූකස් will Burrard-Lucas විසින් ඇයගේ අවසන් ඡායාරූප පෙළ සිය කැමරා කාචයේ සටහන් කරගෙන තිබිණි.

හස්තීන් අතර රැජිනක් සිටියානම් ඒ ඇයමය. ඔහු ඇයව නම්කර තිබුණේ එසේය. LAnd of giants නමින් ඔහු විසින් රචිත ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේද ඇය ඇතුළු කෙන්යානු දළ කාරයින් ගැනය.


මෙවැනි සුපිරි දළ කාරයෝ අප්‍රිකාවේ සිටින්නේ තවත් ස්වල්ප දෙනෙකි.

http://blog.burrard-lucas.com/2019/03/elephant-queen/
http://blog.burrard-lucas.com/2019/03/elephant-queen/
http://blog.burrard-lucas.com/2019/03/elephant-queen/
http://blog.burrard-lucas.com/2019/03/elephant-queen/


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි