×

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විමර්ශනයේ බුද්ධි තොරතුරු නීති සම්පාදකයින් වෙත ලැබෙයි!

ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයිද?


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝග විමර්ශනයේ නිර්නාමික බුද්ධි තොරතුරු සපයන පුද්ගලයා විසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත තොරතුරු මේ වන විට ලබා දී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝග විමර්ශනය මෙහෙයවනු ලබන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පත්කරනු ලැබූ බුද්ධි තොරතුරු මණ්ඩල කමිටුව විසිනි.  

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය බදාදා (02) දින වාර්තා කළ අන්දමට, නිර්නාමික බුද්ධි තොරතුරු සපයන්නා මෙම විමර්ශනයට අදාල තොරතුරු කොන්ග්‍රස සාමාජිකයකු වෙත ලබා දී ඇති අතර, එම කොන්ග්‍රස සාමාජිකයා අදාල තොරතුරු බුද්ධි කමිටුවේ සභාපති ඇඩම් ස්කිෆ් වෙත දැනුම් දී ඇත.  

නිව්යෝ්ර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දමට, මෙම නිර්නාමික බුද්ධි තොරතුරු සපයන්නා ඔස්සේ මණ්ඩල කමිටු සභාපති වෙත දන්වා ඇත්තේ සීඅයිඒ සංවිධානයේ ඉහලම නීතිවේදීයාගෙන් ලැබුණු උපදෙස් මත පදනම්ව ට්‍රම්ප්ට එරෙහිව ගොනුවී ඇති චෝදනා පිළිබඳ කටයුතු මෙහෙයවන්නේ කෙසේද යන්න පිළිබඳව ය. 

ඒ අනුව නිර්නාමික ඔත්තු සපයන්නා වෙත මණ්ඩල කමිටු සභාපති ස්කිෆ්ගේ හිතැති කොන්ග්‍රස සාමාජික පවසා ඇත්තේ ට්‍රම්ප්ට එරෙහි නඩුපවරන ලෙස බවද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණයට දෙවන වරටත් තරඟ වැදීමට නියමිත ට්‍රම්ප් ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයින් කටයුතු කර ඇති අතර, මීට මූලික පදනම වී තිබෙන්නේ ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී ජෝ බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට විදෙස් සහය පැතීම මත ට්‍රම්ප් ට ගොනුවී තිබෙන චෝදනා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි