×

ගෑස් ගන්න ගිහිං අපිට ගෑස් පෙන්නද්දී ලෙබනනයට ඊජිප්තුවෙන් ගෑස්!

ලෙබනනයේ මතුව ඇති බලශක්ති අර්බුධය හමුවේ ඝන මීටර මිලියන 650 ක (මෙට්‍රික් ටොන් මිලියන 590) ගෑස් එරටට ලබා දීමට ඊජිප්තුව එකඟ වී තිබේ.


ඒ අනුව, සිරියාව හරහා ලෙබනනයට මෙම ගෑස් තොගය ලෙබනනයට ලබා දීමට එම රටවල් තුන අද (21) දින එකඟතාවයකට පැමිණ තිබේ.

මෙම ගිවිසුමට අදාළ රටවල් තුන අත්සන් කර තිබෙන්නේ ලෙබනනයේ බීරූට් හි බලශක්ති අමාත්‍යංශයේ පැවති උත්සවයක් අතරතුරදී ය.

මෙම ගෑස් ලබා දෙන්නේ එරට විදුලි නිශ්පාදනය සඳහා වන අතර, මෙම ගිවිසුම මඟින්, ලෙබනනයේ උතුරු ඩීර් අම්මාර් බලාගාරය වෙත නල මාර්ගයක් හරහා ගෑස් ලබා දෙනු ඇත.

එමඟින් ලෙබනනයේ ජාතික විදුලි අවශ්‍යතාවයට මෙගාවොට් 450ක් පමණ එකතු කළ හැකි බවයි වාර්තා වන අතර, මෙමඟින් දිනකට ලැබෙන විදුලි ප්‍රමාණයට අමතර පැය හතරක පමණ විදුලිය ජනිත වන බව සඳහන්.

කෙසේවෙතත්, සිරියාවේ සම්බාධක තන්ත්‍රයට අනුකූල වීම සඳහා මූල්‍ය වශයෙන් ප්‍රතිඥා ලබා දී ඇති ලෝක බැංකුවේ සහ එක්සත් ජනපදයේ අනුමැතිය තවමත් මේ සඳහා ලබා ගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි