×

”ස්පේස් නින්ජා” ලොව වයස්ගතම ගඟනගාමිනිය විශ්‍රාම ගනී.

ඇය වැඩිම කාලයක් අභ්‍යවකාශයේ සිටි කාන්තාවයි.


නාසා ආයතනයට සමබන්ධවූ ප්‍රථම ගඟනගාමී කාන්තාව ඊයේ දින සිය රැකියාවෙන් විශ්‍රාම ගත්තාය. පෙගී විට්සන් (peggy whitson) නම්වන ඇය නාසා ආයතනයේ නිළධාරීන් අතර ජනප්‍රිය වූයේ ස්පේස් නින්ජා නමිනි. පෙගී ලොව සිටින වයස්ගතම ගඟනගාමී කාන්තාවයි.

ඇමරිකාවේ පළමු අභ්‍යවකාශ අණදෙන නිලධාරිනිය වන පෙගී ගේ සම්පූර්ණ නම පෙගී ඇනෙට් විට්සන්ය. 1960 වර්ෂයේ උපන් ඈ ජෛවරසායන පර්යේෂක වරියක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර පසුව නාසා ආයතනය සහ එක්වුයේ ගඟනගාමිනියක ලෙසයි. එතැන් පටන් ඈ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන්නියත් විය.

ඈ සිය ප්‍රථම අජටාකාශ මෙහෙයුමේ නියැලෙන්නේ 2002 වසරේදීය ඉන්පසු 2007 වසරේදීත් 2017 වසරේදීත් අභ්‍යවකාශ තරණයේ යෙදෙන්නීය. අභ්‍යවකාශ මධ්‍යස්ථාන තුළ ද පෙගී විට්සන් ගේ රාජකාරී කාලය දින 665කි. ඈ අභ්‍යවකශයේ වැඩිම කාලයක් සිටි බවට තබා තිබූ බොහෝ දෙනෙකුගේ වාරථා බිඳ දැමීමට සමත් වූවාය.

විශ්‍රාම ගන්නට ආසන්නයේදීම ඈ දෙවරක් ජාත්‍යන්තර අභ්‍යවතාශ මධ්‍යස්ථානයේ අණදෙන්නිය ලෙස කටයුතු කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි