×

දහස් ගණනක් යාමට හේතු වූ ලිබියාවේ ගංවතුර ව්‍යසනයට වරද කරුවන් සොයයි; නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට

නගරයට ගංවතුර තත්වය ඇතිවීමට බලපෑ මෙම වේලිවල ඉරිතලායාම් 1998 සිට දක්නට තිබී ඇති අතර 2010 දී තුර්කි සමාගමක් විසින් ආරම්භ කරන ලද අලුත්වැඩියා කටයුතු මාස ​​කිහිපයකට පසු ලිබියාවේ 2011 කැරැල්ල ඇවිළුණු විට එය අත්හිටුවා තිබිණි.


පසුගිය දා ලිබියාවේ දහස් ගණනක් මිය යාමට හේතු වූ ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් එරට රජය නිලධාරීන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ඉහලම අභිචෝදකයා නියෝග කර ඇති බව වාර්තා වේ.

ඊයේ(25)දිනයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අභිචෝදක අල්-සිඩික් අල්-සූර්ගේ කාර්යාලය සඳහන් කර තිබුණේ, ආපදාවට හේතු වූ වැරදි කළමනාකරණය, නොසැලකිලිමත්කම සහ අත්වැරදීම්වලට හේතු වූ බවට චෝදනා සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් ජල සම්පත් අධිකාරියේ සහ වේලි කළමනාකරණ අධිකාරියේ හිටපු සහ වත්මන් නිලධාරීන් හත් දෙනෙකු හා ව්‍යසනයෙන් පසුව නෙරපා හරින ලද ඩර්නා නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිතිගෙන් ප්‍රශ්න කළ බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුයේ, විමර්ශනය අවසන් වන තෙක් ඔවුන් සිරගත කිරීමට නඩු පවරන්නන් නියෝග කළ බවයි.

ඩැනියෙල් කුණාටුව හේතුවෙන් ගඟ වේලි පුපුරා ගොස් Derna නගරය සෝදාගෙන යෑම හේතුවෙන් නිල සංඛ්‍යා දත්ත වලට අනුව මියගිය සංඛ්‍යාව 3,800 වශයෙන් තහවුරු ව ඇති අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආධාර කණ්ඩායම් පවසා තිබුණේ 10,000 ක් හෝ ඊට වැඩි පිරිසක් අතුරුදහන් විය හැකි බවයි. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA)මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, වේලි වලින් ජලය ගලා යාමෙන් Derna හි නිවාස හා යටිතල පහසුකම්වලින් තුනෙන් එකක් පමණ හානියට පත්ව ඇති බවයි.

නගරයට ගංවතුර තත්වය ඇතිවීමට බලපෑ මෙම වේලිවල ඉරිතලායාම් 1998 සිට දක්නට තිබී ඇති අතර 2010 දී තුර්කි සමාගමක් විසින් ආරම්භ කරන ලද අලුත්වැඩියා කටයුතු මාස ​​කිහිපයකට පසු ලිබියාවේ 2011 කැරැල්ල ඇවිළුණු විට එය අත්හිටුවා තිබිණි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි