×

Rock ‘n’ roll සංගීතයේ පුරෝගාමියකු වන ලිට්ල් රිචඩ් දිවියෙන් සමුගනියි

ඔහු 1950 දශකයේ දී විශාල ලෙස ජනාදරය ලබා ගත් අතර ඔහුගේ ගායන දක්ෂතාව, ගැඹුරු කටහඬ සහ චමත්කාරජනක ඇඳුම් හේතුවෙන් ඔහු වඩවඩාත් ප්‍රසිද්ධ විය. ඔහු ලොව පුරා සිය ගායන රැගත් හඬ පට මිලියන 30 කට වඩා අලෙවි කර ඇත.


පුරෝගාමී රොක් ඇන් රෝල් ගායක ලිට්ල් රිචඩ් වයස අවුරුදු 87 දී මියගොස් ඇති බව සංගීඥයාගේ පවුලේ සාමාජිකයන් විසින් තහවුරු කර තිබේ. ඔහු ටුලහෝමා හි දී අස්ථි පිළිකාවක් හේතුවෙන් මිය ගිය බව ඔහුගේ පවුලේ අය පැවසූහ.

ලිට්ල් රිචඩ් 1932 දී රිචඩ් වේන් පෙන්මිමන් ලෙස උපත ලැබීය.

ඔහු 1950 දශකයේ දී විශාල ලෙස ජනාදරය ලබා ගත් අතර ඔහුගේ ගායන දක්ෂතාව, ගැඹුරු කටහඬ සහ චමත්කාරජනක ඇඳුම් හේතුවෙන් ඔහු වඩවඩාත් ප්‍රසිද්ධ විය. ඔහු ලොව පුරා සිය ගායන රැගත් හඬ පට මිලියන 30 කට වඩා අලෙවි කර ඇත.

ලිට්ල් රිචඩ්ගේ ගුඩ් ගොලි මිස් මොලී 1958 දී ලොව පුරා ගීත දර්ශක අතික්‍රමණයට සමත් විය. ඒ ආකාරයේම ජනාදරයක් දිනාගත් ගීත ද්විත්වයක් ලෙස ටුටි ෆ්‍රූටි සහ ලෝන්ග් ටෝල් හැඳින්විය හැක.

[embedyt] https://youtu.be/vPKDjqDflBc [/embedyt]

ඔහුගේ මරණය පිළිබඳ පුවත පළවීමෙන් පසු උපහාර දක්වමින් හිටපු බීට්ල්ස් බෙර වාදකයෙකු වන ශ්‍රීමත් රින්ගෝ ස්ටාර් ට්වීට් කරමින් කියා සිටියේ, “මගේ සර්වකාලීන සංගීත වීරයෙකු වන ලිට්ල් රිචඩ්ට දෙවියන් ආශීර්වාද කරයි” යනුවෙනි. චික් හී සම-නිර්මාතෘ නයිල් රොජර්ස් පැවසුවේ එය “ සංගීත ලෝකයේ සැබෑ දැවැන්තයකුගේ අහිමි වීමක්” වන අතර බීච් බෝයිස් හි බ්‍රයන් විල්සන් පැවසුවේ ඔහුගේ සංගීතය “සදහටම පවතිනු ඇති” බවයි.

බීට්ල්ස්, එල්ටන් ජෝන් සහ එල්විස් ප්‍රෙස්ලි යන අය පවසා ඇත්තේ ලිට්ල් රිචඩ් සංගීතඥයකු හා ගායකයකු ලෙස තමන්ගේ තීය ජීවිතයන්ට විශාල බලපෑමක් එල්ල කළ පුද්ගලයකු බවයි. එමෙන්ම ලිට්ල් රිචඩ් 1986 දී රොක් ඇන්ඩ් රෝල් හෝල් ඔෆ් ෆේම් වෙත ද ඇතුළත් කරන ලදී.

[embedyt]https://youtu.be/LVIttmFAzek [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි