×

ලන්ඩන් වැසියන් 145ක් අත්අඩංගුවට! හේතුව වාර්ගික වෛරය ඇවිස්සීමයි!

සටහන – රෂිකා හෙන්නායක ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දා ලන්ඩන්හි සටන් විරාම දිනයට සමගාමීව පැවති පලස්තීනයට පක්ෂව පැවැත්වූ පෙළපාලියේ දී වාර්ගික වෛරය ඇවිස්සීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් හත් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පවසන්නේ , වයස අවුරුදු 23 ත් 75 ත් අතර වයස්වල පසුවන මෙම පුද්ගලයින් හත් දෙනාට ආයුධ සන්තකයේ […]


සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය දා ලන්ඩන්හි සටන් විරාම දිනයට සමගාමීව පැවති පලස්තීනයට පක්ෂව පැවැත්වූ පෙළපාලියේ දී වාර්ගික වෛරය ඇවිස්සීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් හත් දෙනෙකුට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ , වයස අවුරුදු 23 ත් 75 ත් අතර වයස්වල පසුවන මෙම පුද්ගලයින් හත් දෙනාට ආයුධ සන්තකයේ තබා ගැනීම, මහජන සාමය කඩ කිරීම , මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ හදිසි සේවකයෙකුට පහරදීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.



මේ අතර එරට පොලිසිය පවසන්නේ පුද්ගලයන් 145 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, නිලධාරීන් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

යුදෙව් විරෝධී වෛරී අපරාධ ඇතුළු අනෙකුත් වැරදි පිළිබඳ විමර්ශන දිගටම කරගෙන යන බවයි එරට පොලිසිය සඳහන් කරන අතර ,ගාසාහි සටන් විරාමයක් ඉල්ලා මධ්‍යම ලන්ඩනය හරහා 300,000ක පමණ පිරිසක් විරෝධතාවය දක්වමින් පෙළපාලි ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි