×

දුම්රියේදී හමු වූ මෝනාලිසා

දුඹුරු ඇස්, කළු කියඹු වැල්, තද පැහැ සමක් සහිත ගුප්ත ලස්සනක් ඇති ළාබාල කෙල්ලකි, ඈ.


සාන්ත මාග්‍රිටන් හි දී මුලින් ම දකින විට ඈ සිටියේ දණ තෙක් උසැති විශාල දුඹුරු පැහැ සූට්කේසයක් අත දරාගෙන ය.

ඈ පෘථිවි පැහැයන්ගෙන් සැරසී සිටියාය. කලිසම දුඹුරු පැහැ දළ රෙද්දකිනි. ගෙත්තම් කළ කාන්තා බැනියම තැඹිලි හා දුඹුරු පැහැයෙනි. කොල කමිසයේ අත් උර තෙක් නමලා ය. දුඹුරු ඇස්, කළු කියඹු වැල්, තද පැහැ සමක් සහිත ගුප්ත ලස්සනක් ඇති ළාබාල කෙල්ලකි, ඈ.

හිසට ඉහළින් ඇති රාක්කයට සූට්කේසය පැටවීමෙන් පසුව ඈ ඇද වැටුණේ මට ඉදිරියෙන් වූ අසුන මතට ය. ඉක්බිති ස්විට්සර්ලන්තයේ බටහිර දෙස ට පැය පහක ගමන ඇරඹීම පිණිස රිදී පැහැ දුම්රිය සිය වා කවුළු වසාගෙන මුද්‍රා තබාගත්තීය.

ඇල්පයින් කඳුකරයෙන් හිම දියවූ තුසරමය ධූමයක් වරින් වර මතු විය. එය මැයි මාසය වූයෙන් පොපි මල් යාය පිටින් පිබිදිලා ය. මට මුලින් ම උවමනා වූයේ නිදිකිරා වැටීමට වූ නමුත්, ඉක්බිති මා අසල සිටි ප්‍රථමයා සමග කථාවට වැටුණෙමි. නමුත් පලක් නැත. එනිසා දෙවැනි වරටත් නිදි කිරාවැටීම ට උත්සාහ කළෙමි. එය ද අසාර්ථක වූ තැන මගේ අවධානය ඇය කෙරෙහි යොමුවිය. කොහෙන්දෝ සොයාගත් පරවෙමින් යන කැලෑ මල් කළඹක් ඇය සිය ඔඩොක්කුව මත තබාගෙන සිටියාය. සිතිවිලි ඈ දමා කොහේ හෝ ඉගිලී ගිය කලෙක මෙනි. ප්‍රබල නමුත් ශාන්ත පෙනුමක් ඇගේ වුවනතෙහි විය. ඈ මල් දෙස බලා සිටියාය. යන්තමින් ඒ හා සිනාසුණාය. මම ආසන අතර වූ ඉඩ තීරය හරහා ඈ වෙත ගියෙමි. ඈ ඉදිරියෙන් හිඳ ගතිමි.

“මේ මල් කොයින්ද?” මම ජර්මානු බසෙන් ඇසුවෙමි. නමුත් ඒ ප්‍රශ්නය ට කෙල්ල පෑ පිළිතුර මද සිනහවක් පමණි. ඈ ජර්මානු හෝ ඉතාලි එකියක නොවිය යුතුයැයි මම සිතීමි. ඈ කළු කෙල්ලකි. ඉක්බිති තවත් පැනයක්. නමුත් පිළිතුරු නැත. මෙය ස්විට්සර්ලන්තයයි. එනිසා කොයි දේටත් විසඳුමක් තිබිය යුතුමය. එනිසා අවසාන වශයෙන් ප්‍රංශ බසින් ප්‍රශ්නය ඇසුවෙමි. නමුත් පිළිතුර පෙර සේම ය. මෝනාලිසා ගේ සිනහව.

” “මේ මල් කොයින්ද?” මම ජර්මානු බසෙන් ඇසුවෙමි. නමුත් ඒ ප්‍රශ්නය ට කෙල්ල පෑ පිළිතුර මද සිනහවක් පමණි. ඈ ජර්මානු හෝ ඉතාලි එකියක නොවිය යුතුයැයි මම සිතීමි. ඈ කළු කෙල්ලකි. ඉක්බිති තවත් පැනයක්. නමුත් පිළිතුරු නැත. මෙය ස්විට්සර්ලන්තයයි. එනිසා කොයි දේටත් විසඳුමක් තිබිය යුතුමය. එනිසා අවසාන වශයෙන් ප්‍රංශ බසින් ප්‍රශ්නය ඇසුවෙමි. නමුත් පිළිතුර පෙර සේම ය. මෝනාලිසා ගේ සිනහව. “

මම සිතන්නට පටන් ගතිමි. අද උදෑසන කෝච්චියක් පිරවූ යුගෝස්ලෝවියානුවන් පිරිසක් මම දුටුවෙමි. ඔවුන් සිටියේ ඔස්ටි්‍රයානු දේශසීමාව ට යන අතරමග ය. ඈ ඔවුන්ගෙන් එකියක් ද? නමුත් අවාසනාවක මහත..මට ක්‍රොයේෂියානු බස කොහෙත් ම නොහැකි තරම් ය.

මම පසුපස ට ඇළවුණෙමි. ඇය තරමට ම නොවුණත් එයට ළඟින් හෝ යන තරමේ සාඩම්බර ගුප්ත භාවයක් මවාගැනීම ට උත්සාහ කළෙමි. බුද්ධිමත් ලෙස නළල් තලය හකුළුවා, සිහින් උඩු රැවුල උඩු අතට කරකවා, දිලිසෙන සම් සපත්තු ඇයට පෙනෙන පරිදි තබාගතිමි. නමුත් ඊළඟ ක්ෂණයේ මෝනාලිසා කතා කළාය. “හබ්ලා එස්පැනෝල්?” ඈ ඇසුවාය. අහා.. මට ඒ ගැන මතක් නොවුනේ ඇයි? ඇය ස්පාඤ්ඤ සම්භවයකින් යුතු ය. සංචාරයක් සඳහා පැමිණ සිටිනවා විය යුතු ය. ඇරත් ස්විට්සර්ලන්තයේ රැකියා සඳහා පැමිණෙන ස්පාඤ්ඤ ජාතිකයෝ බොහෝ සිටිති.

ග්‍රෝසෙට් ගේ ආප්ත පොත සොයා මම නොඉවසිල්ලෙන් ගමන් බෑගය පීරුවෙමි. මේ තැනැත්තියගේ ජන්ම භාෂාව කුමක්ද, තවත් කල් නොයවා ඇය ව එයින් ඇමතීම ට මට ඇවැසි විය. දැන් දැන් මට ඇය දිස්වන්නේ නියම ස්පාඤ්ඤ ජාතිකයෙකු ලෙසිනි. ඈ සිටින්නේ සිය පවුල වෙත යමිනි. අවිවාහක ය. ඇල්ස්ටටෑන් හි වැඩිහිටි නිවාසයක සේවය කරමින් සිටියාය. ඉතාම පුදුමසහගත ලෙස සිය සූට්කේසය චොක්ලට්වලින් පුරවාගෙන සිටියාය.

අවාසනාවකට මෙන් අපේ සංවාදය ට භාෂා ගැටලුව නිසා ඕනෑවටත් වඩා බාධා සිදුවිය. පැය 24 කට ත් වඩා වැඩි කාලයක් එක දිග ට දුම්රියේ ගමන් කිරීම නිසා මම හෙම්බත් ව සිටියෙමි. ඈ ඒ බව මනාව වටහා ගත්තීය. කෙසේ වෙතත් ඈ මාව විනිශ්චය කළේ සදෝෂීව ය. මා ඉංග්‍රීසි ජාතිකයෙකියි ඈ මුලින් සිතුවාය. ඉක්බිති සිතාතිබුණේ මා ජර්මානු ජාතිකයෙකු විය යුතු බව ය. ඒ දේශයේදී ඇය ට හමුවූ මගේ වර්ගයේ පළමු නිදර්ශකය මා වූවා වැන්න.

අප කතා කළේ මොනවාදැයි මට හරියට මතක නැත. නමුත් දින කිහිපයක් ගත වත් ම ඈ මගේ සිතේ නොමියෙන මතකයක් ඉතිරි කළාය. එම මතකයට අනුව නම්, වැදගත් බොහෝ දෑ අප විසින් කතා කර තිබේ. නගරයේ සිත්කළු වීදි දිගේ අපි ඇවිද ගියෙමු. අසල වූ කෝපි හළකට ගොඩවැදී කැපුචිනෝ රස බැලුවෙමු. වියැකෙන දහවල් ආලෝකයෙන් ජනේල කවුළු නැරඹුවෙමු. එක්ව සිනාසුණෙමු. මගේ ඊළඟ දුම්රිය එනතෙක් සාමාන්‍ය දේ කතා කරමින් සිටියෙමු.

මා ඈට සමුදුන්නේ මහත් අකමැත්තකින් යුතු ව ය. ඈට ද එම හැඟීම ම ඇති ව තිබුණා වියයුතු ය. නමුත් මා ඈ ගැන වද වෙන්නට ප්‍රමාද වන්නේ ඇයි? ඇගේ පවුලේ අය දැනටමත් ඈ එනතෙක් පිරනීස් කඳුකරයෙන් එබිකම් කරනවා විය යුතුය. එසේම මගේ කාල සටහනට අනුව මා ද ගෙදර යාමට පෙර ඉතාලිය ට යා යුතු ය. අපි ලිපිනයන් හුවමාරු කර ගතිමු. ඉන්පසු මම දුම්රිය ට නැගුණෙමි.

පසුව මම ද අනෙක් පුරුෂයන් මෙන්ම විවාහ වුණෙමි. රැකියාව ට ගියෙමි. ගෙවත්තේ තණකොළ කැපුවෙමි. නමුත් ජීවිතයේ තිත්ත මිහිරි මතකයන් ළඟ ළඟ වෙනස් වන විට මට ඒ යුවතිය අනපේක්ෂිත ලෙස ඒකක්ෂණයකින් සිහියට නැගේ. ඒ අති විශේෂ වසන්ත දිනය දෙස අති විශේෂ දෘෂ්ටිකෝණයකින් බලන්නට මට පුළුවන. එහි අපුර්වත්වය තවකෙකු අතින් කීමේදී සුළු සුළු වෙනස්කම් ද නිතැතින් ම සිදුවේ. එයින් සමහරකට අනුව එම යුවතිය සියල්ල පරදුවට තැබූ තැනැත්තියක් වන අතර මම කඩවසම් කලබලකාරයෙක් වෙමි. කතාවේ තවත් ආකාරයකට අනුව එම තැනැත්තිය මා ලුහුබැඳ එන්නියකි. මගේ බිරිඳ නම් වඩාත් කැමති, මේ කතාව ඒ ආකාරයෙන් අසන්නට ය. එයට අමතරව බිරිඳ එයට පුදුම සහගත අනුකොටස් ද එකතු කරන්නීය. එයින් එකකට අනුව, එම තරුණිය ඊළඟ අවුරුද්දේ ම මා සොයාගැනීමේ අරමුණින් යුතු ව ස්විට්සර්ලන්තය හැර දමා යන්නට ඇත.

කාන්තාවන් අපගේ සිත් කියවන්නියන් නොවේ. එක් කාන්තාවක් හැරුණුවිට මට මුණ ගැසුණු අන් සියලු කාන්තාවන් සම්බන්ධයෙන් එය සත්‍යයක් යැයි මම සිතමි.

-කෙවින් සීවිල්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි