×

ලූටන් ගුවන්තොටුපලේ ගින්නෙන් සිදුව ඇති හානියට වඟ උත්තර!

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එංගලන්තයේ ලූටන් ගුවන්තොටුපල පවසන්නේ එක් රථගාලක ගින්නක් හටගැනීමෙන් පසු පාරිභෝගික විමසුම් 16,500 කට ආසන්න ප්‍රමාණයකට පිළිතුරු ලබා දී ඇති බවයි. ඉකුත් අඟහරුවාදා දින ඇති වූ ගින්නෙන් ටර්මිනල් කාර් පාර්ක් දෙකට දැඩි හානි සිදු විය. එම ගින්න හේතුවෙන් රථගාල “සැලකිය යුතු පරිදි කඩා වැටීමකට” ලක් විය. ගින්න හටගන්නා විට […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
එංගලන්තයේ ලූටන් ගුවන්තොටුපල පවසන්නේ එක් රථගාලක ගින්නක් හටගැනීමෙන් පසු පාරිභෝගික විමසුම් 16,500 කට ආසන්න ප්‍රමාණයකට පිළිතුරු ලබා දී ඇති බවයි.

ඉකුත් අඟහරුවාදා දින ඇති වූ ගින්නෙන් ටර්මිනල් කාර් පාර්ක් දෙකට දැඩි හානි සිදු විය. එම ගින්න හේතුවෙන් රථගාල “සැලකිය යුතු පරිදි කඩා වැටීමකට” ලක් විය.

ගින්න හටගන්නා විට එහි මෝටර් රථ 1,500ක් පමණ තිබූ අතර බොහෝ මගීන් පවසා ඇත්තේ තම මෝටර් රථයට හානි වී හෝ විනාශ වී ඇත්දැයි දැන ගැනීමට තවමත් බලා සිටින බවයි.

ඔවුනට තොරතුරු ලබාදීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවට ගුවන් තොටුපළේ ප්‍රකාශකයෙකු පැවසීය.

ගුවන් තොටුපළේ රථගාල් කළමනාකරණය කරන APCOA වාහන නැවැත්වීම, පාරිභෝගික විමසුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගුවන් තොටුපළ සමඟ කටයුතු කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි