×

MacOS සඳහා නව WhatsApp Desktop App එකක්

මෙය macOS හි WhatsApp භාවිතා කරන්නන් සඳහා වඩාත් බාධාවකින් තොර අත්දැකීමක් ලබා දෙයි


පසුගිය වසරේදී WhatsApp Desktop මෘදුකාංගයේ තිබූ බොහෝ ගැටලු මඟ හරවා Windows වෙත Windows UWP යොදාගනිමින් Meta සමාගම නව WhatsApp Desktop මෘදුකාංගයක් හඳුන්වා දුණි.

මින් පසුව ඇතිවූ ගැටලුවක් වූයේ iOS පරිශීලකයන්ට තම දුරකථනයෙන් සිදු කරන සියලුම දේ MacOS සඳහා තිබූ Desktop මෘදුකාංගයෙන් සිදු කළ නොහැකිවීමයි. මෙයට විසඳුමක් වශයෙන් Meta සමාගම Mac Catalyst යොදාගෙන MacOS සඳහා Native App එකක් හඳුන්වා දී තිබේ.

මෙය macOS හි WhatsApp භාවිතා කරන්නන් සඳහා වඩාත් බාධාවකින් තොර අත්දැකීමක් ලබා දෙයි. Mac හි Hardware වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට යෙදුම නිමවී කර ඇති අතර, වේගවත් සහ වඩා කාර්යක්ෂම පරිශීලක අත්දැකීමක් ලබා දෙයි. මීට අමතරව, මෙහි ඇති Sidebar එක මඟින් සාමාන්‍ය MacOS සඳහා වූ Apps මෙන් පෙනෙන පරිදි නිර්මාණය කර ඇති අතර විශේෂත්වයක් වන්නේ මෙහි File Drag & Drop කිරීමේ හැකියාව තිබීමයි.

ඔබට මෙහි .dmg file එක මේවන විට මේ හරහා ලබා ගෙන install කර ගත හැකිය. නමුත් තවමත් Beta මට්ටමේ පවතින බැවින් සමහර විශේෂාංග තවමත් නිසි ලෙස ක්‍රියා නොකළ හැකි අතර තවත් විශේෂාංග ඉදිරියේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව Meta සමාගාම දක්වා තිබේ.

මේ App එකෙහි Welcome Screen එකෙහි දක්වා ඇති පරිදි, Meta සමාගම මෙම යෙදුම පිළිබඳ ඔබේ අදහස් දැන ගැනීමට යෙදුමේ පහළ කොටසෙහි ඇති Feedback Button එකක් යොදා ති​බේ. ඒ තුළින් ඔබට මේ පිළිබඳව අදහස් හා යෝජනා ඔවුන් වෙත යොමු කළ හැකියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි