×

නෝට්‍ර ඩෑම් දෙවු මැදුර වඩාත් අලංකාරව පිළිසකර කරන බවට ජනපති මැක්‍රෝන්ගෙන් ප්‍රතිඥා!

ඔහු ඒ සදහා ඉල්ලා ඇත්තේ වසර 5ක කාලයකි. නමුත් විශේෂඥයන්ගේ මතය වන්නේ එ සදහා අඩුම තරමේ දශකයක කාලයක්වත් ගත වනු ඇති බවයි.


ප්‍රංශයේ හදවත බදු වූ නෝට්‍ර ඩෑම් දෙවු මැදුර පසුගියදා ගින්නට හසුවීම හේතුවෙන් එහි බොහෝ කොටස් වලට හානි සිදු විය. වසර 850ක් ඉපැරණි මේ දෙවු මැදුර ගොතික් සම්ප්‍රදායට අයත් අතර එහි වහල වැඩි වශයෙන් විනාශයට පත් විෙ.

එය මුළු මුනින්ම විනාශ වී යාමට තිබුණේ තවත් එක් මිනිත්තුවක් පමණි.
සිය ජනතාවගේ හදවක බදු වූ නොට්‍රෙඩෑම් යළිත් ඔවුන්ට වඩාත් අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කර භාර දෙන බවට ජනපති එමෑනුවල් මැක්‍රොන් පොරොන්දු වී ඇත. ඔහු ඒ සදහා ඉල්ලා ඇත්තේ වසර 5ක කාලයකි. නමුත් විශේෂඥයන්ගේ මතය වන්නේ එ සදහා අඩුම තරමේ දශකයක කාලයක්වත් ගත වනු ඇති බවයි.

ගින්න පිළිබදව පරීක්ෂා කිරීම සදහා 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත. මේ පිලිබදව පැරිස් හී මහජන නීති නිළධාරියා වන රෙමී හෙයිට්ස් පවසා ඇත්තේ මෙය කිසිවෙකු විසින් ගිනි තැබීමක් නිසා හටගත් ගින්නක් නොවන බවට කරුණු පැහැදිලි බවත් ගින්නක් පැතිරී යෑම නිසා හටගත් එකක් බවත් ය. මේ වන විටත් මෙම ලෝක උරුමය නැවත ගොඩනගන්නට පවුම් මිලියන 800ක ඒකාබද්ධ අරමුදලක් විවිධ ආයතන සහ ව්‍යාපාරිකයන් ගේ දායකත්වයෙන් එකතු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි