×

බැංකු ගැනනම් අප ඕනෑතරම් අසා ඇත. එහෙත් කිඹුල් බැංකුවක්.. ?

අදවන විට මෙහි කිඹුලන් (3000) තුන් දහසකට වඩා දැක ගත හැකි වෙයි


ශ්‍රී ලංකාවේ අපිට විදෙස් රටකදී ඉතා පහසුවෙන්ම දැක ගත හැකි සංචාරක ස්ථානයකි මදුරාසිය හෙවත් චෙන්නා හී කිඹුල් බැංකුව. දකුණු ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් ලෙස සළකන මෙම මදුරාසි යේ කිඹුල් බැංකුවේදී මිරිදියෙහි හා කරදියෙහි වෙසෙන කැස්බෑවන් ,ඉබ්බන්, කටුස්සන්, කබරයින්, කැලෑ පිඹූරන් මෙන්ම විශාල නාගයින්ද මෙහි දී දැකගත හැකිය.

Madras Crocodile Bank Trust චෙන්නායි සිට කි.මී (46) ක දුර ප‍්‍රමාණයකින් පිහිටා තිබෙන එකම උරගයන් සහ උභයජීවින් පිළිබඳව හදැරීමට ඇති එකම මධ්‍යස්ථානය මෙයයි. 1976 වසරේදී කිඹුල් බැංකුව ආරම්භ කර තිබෙන්නේ ඉන්දියානු කිඹුලන් තිදෙනෙකුගෙනි
අදවන විට මෙහි (3000) තුන් දහසකට වඩා කිඹුලන් දැක ගත හැකි වෙයි. කිඹුලන් යනු ලෝකයේ කෙහේ දී වුවත් මිනිසුන්ට ජීවිත බිය ඇති කරන සත්ව කොට්ඨාෂයක් වුවත් මිනිසුන් අතින් කිඹුලන්ට වන හානියද අපමණයි. කිඹුල් සම ලබා ගැනීමටත් කිඹුලන්ව මරා දැමීම ඉන් එක් හානියකි. කිඹුල් සමෙන් නිපදවන සුබෝපභෝගී භාණ්ඩ අධික මිලට විකිණීම හේතුවෙන් ලෝකයේ මේ වන විට කිඹුල් ගහණය අඩු වෙමින් පවතින්නකි.

විවිධාකාර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිසා කල්ගතවීමේදී කිඹුලන් අතුරුදහන් වී යනු ඇතැයි විශ්වාස කළ ඉන්දියානුවන් පිරිසක් 1976 වසරේදී මෙම මධුරාසි කිඹුල් බැංකුව ආරම්භ කිරීමට මුල් වූහ. ඔවුන්ගේ අරමුණ කිඹුලන් වඳවී යෑම වළක්වා ආරක්‍ෂා කර ගැනීමයි.මිරිදියෙහි වසන කිඹුලන්, කරදියෙහි වසන කිඹුලන් වගුරු බිම්වල වාසය කරන කිඹුලන් සියල්ලක්ම මෙහි සිටින අතර වද වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින කිඹුලන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වන්නේය.

අක්කර අටක් පමණ වූ බිමක් පුරා පිහිටා ඇති මෙම මදුරාසි කිඹුල් බැංකුව එය පිහිටි ප්‍රදේශය පුරා කිඹුල් වාසයට සුදුසු ලෙස පරිසරය නිර්මාණය කර ඇත. එහිදී කරදිය වසන කිඹුලන්ට ලුණු මිශි‍්‍රත ජලයකිඹුල් උද්‍යානය ආරම්භයේදී තමිල්නාඩුව ආශි‍්‍රත ප‍්‍රදේශවලින් එකතු කර ගන්නා ලද කිඹුල් බිත්තර රැක්කවීමෙන් පැටවුන් බිහිකර ගෙන ඇත. බිත්තරයෙන් බිහිවන පුංචි පැටවකුගේ දින සාමාන්‍යයෙන් සෙ.මි. 25 පමණ වේ. මුල් යුගයේදී එසේ බිහිකර ගන්නා ලද පැටවුන් අද විශාල යෝධ කිඹුලන් ලෙස දැකිය හැකිය.මෙසේ බිහිකර ගන්නා ලද පැටවුන් වනාන්තරයටද මුදාහැරරීම ඔවුන් විසින් සිදු කරන අතර ලෝකයේ සිටින කිඹුල් විශේෂ 23 ක් වර්ග 14ක්ම මෙම බැංකුව සතුව සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි