×

බ්‍රසීලයේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රභල භූ කම්පනයක්

ඉදිරි දිනවල එහි පසු කම්පන තවදුරටත් ඇතිවිය හැකි බවට බ්‍රසීලයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අනතුරු ඇඟවීම් කර තිබේ.


සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 21,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ බටහිර Amazonas ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.5 ක ප්‍රභල භූ කම්පනයක් ඇතිව ඇති බව වාර්තා වේ.

මෙම භූ කම්පනය බ්‍රසීලයේ Tarauaca සිට කිලෝ මීටර 123ක් දුරින් හා කිලෝමීටර් 629 (සැතපුම් 391) පමණ ගැඹුරකදී සිදුවී ඇති අතර, එහි කම්පනයේ බලපෑම Amazonas සහ Acre ප්‍රාන්ත වලට දැනී තිබේ.

හානිය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් විසින් කම්පන කලාපයේ ප්‍රවාහන යටිතල පහසුකම් තාවකාලිකව වසා දමා ඇති අතර සම්පුර්ණ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ඉදිරි දිනවල එහි පසු කම්පන තවදුරටත් ඇතිවිය හැකි බවට බ්‍රසීලයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අනතුරු ඇඟවීම් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි