×

මහ්සා අමිනී මියගොස් අදට වසරක්

මහ්සා අමිනී මියගොස් අදට වසරක් සැපිරෙන තැන ද විශාල පිරිසක් රජයට එරෙහිව විරෝධතාවයන් පවත්වනු ඇති බවට සැක කෙරේ.


2022 සැප්තැම්බර් 16 වන දින ඉස්ලාමීය ජනරජයේ අනිවාර්ය ඇඳුම් පැළඳුම් සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මහ්සා අමිනී පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් අදට වසරකි.

මහ්සා අමිනීගේ මරණයත් සමඟ ඉරාන බලධාරීන් කාන්තාවන්ට එරෙහිව පැනවූ රජයේ ක්‍රමානුකූලව මර්දනය, අයුක්තිය සහ දණ්ඩමුක්තිට එරෙහිව රාජ්‍ය විරෝද්ධි විරෝධතාවයන් උත්සන්න වූ අතර එම විරෝධතාවයන් මාස ගණනක් පුර පැවතිණි. රටපුරා ඇවිලීගිය විරෝධතාවයන් හේතුවෙන් බාලවයස්කරුවන් 71 ක් ඇතුළු 500 කට වැඩි පිරිසක් මිය යන ලදී. විරෝධතාවයන් හේතුවෙන් සිය ගණනක් තුවාල ලැබූ අතර, නොසන්සුන්තාවයෙන් දහස් ගණනක් අත්අඩංගුවට ගැනිණි.

විරෝධතාවලට සම්බන්ධ නඩුවලට වරදකරුවන් වීමෙන් පසු මිනිසුන් හත් දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දෙනු ලැබූ අතර ඉරාන බලධාරීන් විසින් මෙම විරෝධතාවයන් විදෙස් ආන්ඩු සහ සතුරු මාධ්‍ය විසින් උසිගන්වන ලද ඒවා වශයෙන් විස්තර කරයි.

ඊයේ (15)දිනය වන විට බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය සිකුරාදා ඉරානයට නව සම්බාධක පනවා ඇති අතර කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් හවුල්කරුවන් ද මේ සතියේ සම්බාධක පනවනු ඇති බව වාර්තා වේ. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, මහ්සාගේ කුරිරු මරණයත් සමඟ කාන්තාව, ජීවිත හා නිදහස පිලිබඳ ලොව පුරා සිටින මිනිසුන්ට බලපෑම් කළ බවත් අපගේ මිත්‍ර පාක්ෂිකයින් සහ හවුල්කරුවන් සමඟ එක්ව ඉරානයේ ධෛර්ය සම්පන්න ජනතාව සඳහා අප කැපවෙන බවත්ය.

මේ වන විටත් රට පුරා පොලිසිය බලමුලුගන්වා ඇති අතර මහ්සා අමිනී මියගොස් අදට වසරක් සැපිරෙන තැන ද විශාල පිරිසක් රජයට එරෙහිව විරෝධතාවයන් පවත්වනු ඇති බවට සැක කෙරේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි