×

මලාවි උප ජනාධිපති ගුවන් අනතුරකින් මිය යයි

51 හැවිරිදි සවුලෝස් චිලිමා, ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදානම්ව සිටි රටේ ජනප්‍රිය චරිතයක් වේ.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 11,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මලාවි හි උප ජනාධිපති වෛද්‍ය සවුලෝස් චිලිමා සහ ඔහුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් 9 දෙනෙකු රැගත් ගුවන් යානය චිකන්ගාවා කඳුවැටියට කඩා වැටීම හේතුවෙන් යානයේ ගමන් ගත් සියලු දෙනා මියගොස් ඇති බව එරට ජනාධිපති ලාසරස් චක්වේරා නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර ජනාධිපතිවරයා අද(11)දිනය ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කොට ඇත.

ඊයේ (10) උදෑසන එරට අගනුවර වන ලිලොන්ග්වේ සිට ගුවන් ගත වූ උප ජනාධිපතිවරයා රැගත් යානය Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑමට නියමිතව තිබුනද හදිසියේ අතුරුදන් විය. ඉන් අනතුරුව උතුරු මලාවි කඳුකරයේ වනාන්තර ප්‍රදේශයක දිනකට වැඩි කාලයක් සෝදිසි කිරීමේ උත්සාහයකින් පසුව යානයේ ගමන්ගත් සියලුදෙනා මියගිය බවට තහවුරු කරගෙන ඇත.

51 හැවිරිදි සවුලෝස් චිලිමා, ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදානම්ව සිටි රටේ ජනප්‍රිය චරිතයක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි