×

සබ්මැරීනයකින් වැඩිම ගැඹුරකට කිමිදී ලෝක වාර්ථාවක් ! මරියානා ආගාධය පතුලේත් ප්ලාස්ටික්

වික්ටර් වෙස්කෝවෝ මරියානා ආගාධයේ ගැඹුර පැය 4ක් පමණ ගවේෂණයට ලක් කළ අතර එහිදී මුහුදු පතුලේ ජීවය මෙන්ම ටොෆි කොළ ඇතුලු ප්ලාස්ටික් හමුවී ඇත.


ඇමරිකානු ගවේෂකයෙකු වූ වික්ටර් වෙස්කෝවෝ විසින් පසු ගියදා ලෝක වාර්ථාවක් තබමින් සබ්මැරීනයක ආධාරයෙන් වැඩිම ගැඹුරකට මුහුද යට කිමිදුනු පුද්ගලයා බවට පත් විය. මරියානා ආගාධයේ කිලෝ මීටර් 11ක් පමණ ගැඹුරට කිමිදුනු ඔහුට එතරම් මුහුදු පතුලේ තිබී ප්ලාස්ටික් අපදුව්‍ය හමුව තිබීම ලෝක පරිසර වේදීන්ගේ මෙන්ම සියල්ලන්ගේම අවධානය යොමුවූ කරුණක් විය. මන්ද යත් එතරම් ගැඹුරින් යුත් මුහුදු පතුල් පවා මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණය වීමෙනි.

වික්ටර් වෙස්කෝවෝ මරියානා ආගාධයේ ගැඹුර පැය 4ක් පමණ ගවේෂණයට ලක් කළ අතර එහිදී මුහුදු පතුලේ ජීවය මෙන්ම ටොෆි .. කොළ ඇතුලු ප්ලාස්ටික් හමුවී ඇත.
මිනිසෙකු මෙසේ මුහුදු පතුලේ මෙතරම් ගැඹුරින් කිමිදුනු තෙවන අවස්ථාව මෙය වෙයි.
ලෝකයේ පළමු වතාවට මරියානා ආගාධයේ ගැඹුරට කිමිදුනේ ඇමරිකානු නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු වූ දොන් වොල්ෂ් සහ ස්වීස් ජාතික ඉංජිනේරුවෙක් වූ ජේකස් පිකාර්ඩ් ය. ඒ 1960 වසරේදීය.

ඊට වරස 50කට ආසන්න කාලයක් ගත වූ පසු 2012 වසරේදී සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ ජේම්ස් කැමරන් සිය බ්‍රයිට් ග්‍රීන් නම් සබ්මැරීනය ආධාරයෙන් මරියානා ආගාධයේ ගැඹුරට කිමිදුනි.

මේ අතරින් ඉතාමත් ගැඹුරට කිමිදුනු පුද්ගලයා වන්නේ පසුගියදා කිමිදුනු වික්ටර් වෙස්කෝවෝය. මේ සදහා ඔහු විසින් නව තාක්ෂණය මෙන්ම තවත් කිමිදුම් කරුවන් කණ්ඩායමක සහය ලබා ගන්නා ලදී.

මුහුදු පතුලෙන් විවිධ පරීක්ෂණ සදහා අවශ්‍ය ශාක කොටස් මෙන්ම විවිධ කොටස් ඔහු විසින් රැගෙනවිත් ඇති අතර එසේ මුහුදු පතුලේ පවා ප්ලාස්ටික් රැදී තිබීම පිළිබදව තමන් ඉතාමත් ශෝකයට පත් වන බවද ඔහු විසින් ප්‍රකාශ කරන ලදී,

මිනිසා විසින් ගොඩ බිම දී භාවිත කරන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන ගණනින් වාරෂිකව මහමුහුදට මුදා හරිනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි