×

කෙස් කළඹ දන් දුන් සුරූපී ඇමතිනී

ඔවුන්ට ඔබේ කෙස් කළඹ අවශ්‍යව ඇත. රූමත් ඇමතිනියක සිය හිස කෙස් කළඹ පිළිකා රෝගීන්ට වෙනුවෙන් දන් දෙයි!


ප්‍රංශයේ සමානාත්මතාවය පිළිබඳ ඇමතිනී මර්ලින් ශිපා පිළිකා රෝගීන් වෙනුවෙන් සිය කෙස් කළඹ පසුගිය දා දන් දුන්නාය. පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් වෙනුවෙන් කෘත්‍රිම කෙස් කළඹ සැකසීම සඳහා ඇමැතිනියගේ කෙස් කළඹ භාවිතයට ගැනෙනු ඇත. Marlène Schiappa: French minister chops off hair for cancer

මර්ලින් ෂිපාගේ අරමුණ, පිළිකා රෝගීන් වෙනුවෙන් කෙස් කළඹ දන්දීමේ වැඩපිළිවෙල තව දුරටත් ප්‍රවර්ධනය කිරීමයි. සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබන ඇමතිනිය පවසන්නේ පිළිකා වැළඳුනු කාන්තාවන් ඖෂධ සඳහා විශාල වියදමක් දරණවාට අමතරව කෘත්‍රිම කෙස් කළඹ මිලදී ගැනීම සඳහාත් වියදමක් දැරිය යුතු බවකි. කෘත්‍රිම කෙස් කළඹ වෙසෙසින්ම අවශ්‍ය වන්නේ කිමෝතෙරපි ප්‍රතිකාරයට නිරාවරණය වූ පිළිකා රෝගීන්ටය. එම රෝගීන් කෘත්‍රිම කෙස් කළඹ මිලදී ගැනීමට වැය කරන මුදල අඩු කර ගැනීමට කෙස් කළඹ දන්දීමේ වැඩ පිළිවෙල ඉතා වැදගත් බව තිස් පස් හැවිරිදි මර්ලින් ෂිපා වැඩි දුරටත් සටහන් කර තිබිණ. ඈ පවසන්නේ කෙනෙකුට අඩුතරමින් සෙන්ටිමීටර 25ක් තරම් දිගැති කෙස් දන් දිය හැකියැයි කියාය.

පිළිකා රෝගීන්ට කෙස් කළඹ දන්දීමේ වැදගත්කම ඇමැතිනිය අවබෝධ කරගෙන තිබෙන්නේ ඇයගේ සොයුරියගෙන් බව පැවසේ. ඇමැතිනියගේ සොයුරිය සෑම දෙවසරකට වරක්ම පිළිකා රෝගීන් වෙනුවෙන් සිය කෙස් කළඹ දන් දෙන්නීය.

කෙස් දන්දීමේදී කෙස්වල පැහැය වැදගත් නොවන බව සඳහන් වේ. බෙල්ජියම වැනි රටවල සමාජ සත්කාරක ආයතන මඟින් සුදු පැහැ සහ අළු පැහැයට හුරු කෙස් කළඹ වුව ලබා ගැනේ.

2018 වසර අවසන් වනවිට අලුතින් පිළිකා රෝගීන් මිලියන 18.1කට ආසන්න සංඛ්‍යාවක් එකතුවනු ඇති බව අන්තර්ජාතික පිළිකා පර්යේෂණ ආයතනය පවසයි. එම රෝගීන්ගෙන් 23.4%ක් වාර්තා වනු ඇත්තේ යුරෝපයෙන් බව පැවසේ. පිළිකා නිසා සිදුවන මරණවලින් 20.3%කට සංඛ්‍යාවෙන් ප්‍රමාණයක් සිදුවනු ඇත්තේ ද යුරෝපයේ බව ගණන් බලා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි