×

Maryanne Trump Barry මියයයි! ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරියයි!

සටහන – රෂිකා හෙන්නායක ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):වයස අවුරුදු 86 ක් වන Maryanne Trump Barry මිය ගිය බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි. ඇය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය වේ. එරට මාධ්‍ය පවසන්නේ, Maryanne Trump Barry නිව් යෝර්ක් නගරයේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගෙන ඇති අතර, ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. […]


සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):වයස අවුරුදු 86 ක් වන Maryanne Trump Barry මිය ගිය බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි. ඇය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් සොහොයුරිය වේ.

එරට මාධ්‍ය පවසන්නේ, Maryanne Trump Barry නිව් යෝර්ක් නගරයේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයා ගෙන ඇති අතර, ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

Maryanne Trump Barry 1983 සිට 2019 දී විශ්‍රාම යන තෙක් නිව් ජර්සි හි ෆෙඩරල් විනිසුරුවරියක් ලෙස සේවය කළ බවත් , ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහෝදර සහෝදරියන් හතර දෙනාගෙන් අභාවප්‍රාප්ත වූ තුන්වැනියා බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි