×

චීනයේ දැවැන්ත ගංවතුර මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අවදානමකට ලක් කරයි

අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව ඇත.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 16 සිට දකුණු චීනයේ ගුවැන්ඩොං කලාපයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිව ඇති මාරාන්තික ගංවතුර තත්වය මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අවධානමට ලක්කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, ගංවතුර හේතුවෙන් ගුවැන්ඩොං හි අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 110,000 කට වැඩි පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබේ.

මිලියන 127 ක ජනතාවක් වෙසෙන ගුවැන්ඩොං පළාතේ පුලුල්ව පැතිරී ඇති ගංවතුර හේතුවෙන් සහන සේවා සපයන්නන් ඉහළ යන ජලයෙන් සිරවී සිටින නිවැසියන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව සිටින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

චීනයේ නිෂ්පාදන කේන්ද්‍රස්ථානය සහ රටේ වඩාත්ම ජනාකීර්ණ කලාපයක් වන පර්ල් ගංගා ඩෙල්ටා අවට ප්‍රදේශය මෑත වසරවලදී කලාපය වඩාත් තීව්‍ර වැසි සහ දරුණු ගංවතුරකට මුහුණ දී ඇති අතර පර්ල් ගංගා ද්‍රෝණියේ අවම වශයෙන් ගංගා 44 ක් ඉවුරු පුපුරා යාමේ තර්ජනයට ලක්ව තිබේ.

පළාතේ කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව මේ සතියේ තවදුරටත් අධික වර්ෂාපතනයක් ගුවැන්ඩොං වෙත එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන අතර බොහෝ නගර පාසල් අත්හිටුවා ඇති අතර Guangzhou සහ Shenzhen යන නගරවල ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි