×

ආදර කථාවක් නිසා මැක්ඩොනල්ඩ් ප්‍රධාන විධායක නිළධාරියා සේවයෙන් නෙරපයි

.


ලෝකය පුරා පැතිර පවතින ආහාර නිෂ්පාදන ජාලයක් වන මැක්ඩොනල්ඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වූ ස්ටීව් ඊස්ටර්බෲක් සේවයෙන් නෙරපා ඇත

ඒ ඔහු ආයතනයේ සේවිකාවක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම හේතුවෙනි. එය තමන් අතින් වූ අත්වැරැද්දක් බවත් තමන්ට සමාවන ලෙසත් ඔහු සිය ආයතනයේ නිළධාරීන් වෙත ඊ මේල් පණිවිඩයක් මගින් දන්වා ඇත. එමෙන්ම ඔහු පවසන්නේ සිය ආයතනයේ නීති රෙගුලාසි වලට අවනතව තමන් සිය තනතුරෙන් ඉවත් වන බවයි.

වයස 52ක් වන ඊ්ස්ටර්බෘක් 1993 වසරේදී මැක්ඩොනල්ඩ් ආයතනයේහි ලන්ඩන් ශාකාවේ කළමනාකරු ලෙස සේවය කර ඇත. 2011 වසරේදී ඉන් ඉවත්ව වෙනත් ආයතනයක සේවය කර ඇති ඔහු 2013 වසරේදී නැවතත් මැක්ඩොනල්ඩ් ආයතනය හා එක්ව විධායක අධ්‍යක්ෂ තනතුර දක්වා පැමිණ ඇත.

මීට පෙරද 2018 වසරේදී ඉන්ටෙල් සමාගමේ ප්‍රධානී බ්‍රයන් කෘසානිච් මෙවැනි ආදර සබඳතාවක් හේතුවෙන් ආයතනයේ නීතිවලට පටහැනි වීමේ චෝදනා යටතේ සේවයෙන් ඉවත් කෙරිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි