×

සීල් මත්ස්‍යයෙකුගේ අසූචි සමග USB stick එකක්.

මිනිසුන් විසින් කෙතරම් දුරට සත්ව ලෝකය වෙත බලපෑම් කර ඇති දැයි යන්න සිතා බැලීමට කදිම උදාහරණයක්...


නවසිලන්තයේ පර්යේෂක කණ්ඩායමක් විසින් සිය පර්යේෂණ පැවවැත්වීම සදහා රැස් කළ සීල් මතස්‍යන්ගේ අසූචි සමග තිබී USB stick හෙවත් යූ එස් බී ධාවකයක් හමුවී තිබේ.
එම යූ එස් බී ධාවකය හිම මත කැටි ගැසුණ සීල් මතස්‍යය අසූචි මත නිරුපද්‍රිතව ඉතා සුරක්ෂිතව තැන්පත්ව තිබිණි.

සීල් මත්ස්‍යයෙකු විසින් ගිල දමා ඇති මෙම යූ එස් බී ධාවකය තුළ ගබඩා වී පැවතියේ මුහුදු සිංහයන්ගේ ඡායාරූප සහ මවක හා කුඩා පැටවෙකු ක්‍රීඩා කරන වීඩියෝ දර්ශනයි.
තවමත් මෙම යූ එස් බී ධාවකයේ අයිතිකරු හෙළි වී නොමැති අතර පර්යේෂකයින් පවසා සිටන්නේ ඇන්ටාක්ටිකාවේ අපූරු සාගර ජීවියියෙකුගේ කුසක් තුල මෙසේ ප්ලාස්ටික් උපකරණයක් පැවතීම කණගාටු දායක කරුණක් බවය.

මිනිසුන් විසින් කෙතරම් දුරට සත්ව ලෝකය වෙත බලපෑම් කර ඇති දැයි යන්න සිතා බැලීමට මෙය කදිම උදාහරණයක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි