×

Meta: ළමා හා තරුණ පිරිස් රැකුමට අලුත් security settings ටිකක්…

මෙහිදී You May Know Feature එක සඳහා තවත් Filters කිහිපයක් ඔවුන් විසින් එක් කර ඇති අතර ඒ තුළින් අදාළ පරිශීලකයාගේ වයස් සීමාවන්ට ගැලපෙන පුද්ගලයින් පමණක් බොහෝ දුරට පෙන්වීම සිදු කරයි.


Facebook සහ Instagram තුළ ළමුන් හා තරුණ පිරිස් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී Meta සමාගම විවේචනයට ලක්වූ අතර Meta සමාගම මේ සඳහා විසඳුම් කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

මෙහිදී You May Know Feature එක සඳහා තවත් Filters කිහිපයක් ඔවුන් විසින් එක් කර ඇති අතර ඒ තුළින් අදාළ පරිශීලකයාගේ වයස් සීමාවන්ට ගැලපෙන පුද්ගලයින් පමණක් බොහෝ දුරට පෙන්වීම සිදු කරයි. තවද අනවශ්‍ය ඡායාරූප පැතිරීම වැළක්වීම සඳහා නව Tools කිහිපයක් ද අලුතින් හඳුන්වා දී තිබේ.

දැනට පරීක්ෂණ සිදුවෙමින් පවතින Report වූ Acount පවතී නම්, මෙම සැක සහිත Account සඳහාද විකල්පයක් ලෙස Instagram හි තරුණ, තරුණියන්ගේ Account තුළින් Message යැවිය නොහැකි වන පරිදි එම Accounts සඳහා ඇති Messaging Button එක තාවකාලිකව ඉවත් වනු ඇත.

Facebook හා Instagram තුළ අලුතින් ගිණුම් සාදා ගනු ලබන තරුණ, තරුණියන් සඳහා ඔවුන්ගේ Friend list, Comment කිරීමට දිය යුත්තේ කවුරුන්ටද සහ ඔවුන්ව Tag කර පළ කර තිබෙන Posts Manage කිරීම සඳහා ඇති Options පිළිබඳව දැනුවත් කරමින් මෙම Apps භාවිතා කරන අතර තුර Notifications ලබා දෙමින් දැනුවත් කිරීමක් මේ හරහා සිදුවේ.

Meta සමාගම, අතුරුදහන් වූ හෝ කොල්ලකෑම් වලට ලක් වූ ළමුන් සඳහා වූ ජාතික මධ්‍යස්ථානය (NCMEC) සමඟ හවුල් වී දැනටමත් අනුමැතියකින් තොරව සමාජ මාධ්‍යවල රූප පළවී අපහසුතාවයට පත්වි සිටින තරුණ, තරුණියන් සඳහා Platform එකක් ගොඩනඟා ඒ සඳහා කඩිනම් පියවර ගෙන ඒවා ඉව​ත් කර දැමීම දැනටමත් ආරම්භ කර ඇත.

මේ නව Safety Tools දැනටමත් පරිශීලකයින් නිකුත් වෙමින් පවතින අතර සියලුම පරිශීලකයින් වෙත ලැබීමට යම් කාලයක් ගත වේ.

Source: About FB



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි