×

මෙක්සිකෝවේ මායා දුම්රිය ව්‍යාපෘතිය තාවලකාලිකව අත් හිටුවයි

ඩොලර්මිලියන 9.8ක Maya දුම්රිය ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ගිනිකොනදිග මෙක්සිකානු ප්‍රාන්ත වන Chiapas, Tabasco, Campeche, Yucatán සහ Quintana Roo යා කරමින් කිලෝමීටර් 1,500ක් දිග දුම්රිය මාර්ගයක් ගොඩනැගීමයි.


 

පාරිසරික බලපත්‍ර නොමැති බව පවසමින් මායා දුම්රිය ව්‍යාපෘතියේ කොටසක වැඩ තාවකාලිකව අත්හිටුවීමට මෙක්සිකෝවේ විනිසුරුවරයෙකු නියෝග කර තිබේ.එරට යුකැටන් අර්ධද්වීපයේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති López Obrador ගේ ප්‍රමුඛතම යටිතල පහසුකම් වැඩසටහනකි.නමුත් එය වසර මිලියන ගණනක් පැරණි ගුහාවලට තර්ජනයක් වන බව පරිසර විද්‍යාඥයින් අනතුරු අඟවයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම පිළිබඳ අධ්‍යයනයක් සිදු කරන තෙක් වැඩ නතර කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.පරිසරවේදීන් මෙම නඩුව පසුගිය මාසයේදී අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.එරට සංචාරක කේන්ද්‍රස්ථානය වන Cancún සහ Tulum සම්බන්ධ කරන මෙම නව දුම්රිය මාර්ගයේ ගමන් මාර්ගය වනාන්තරයට සහ ඊට යටින් ඇති ගුහා ජාලයට හානියක් වනු ඇතැයි ඔවුහු තර්ක කරන්නට විය.

විනිසුරු Adrián Novelo පැවසුවේ මෙම කිලෝමීටර් 120 (සැතපුම් 75) දිගේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවිය යුතු බවයි.වසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වී ඇති ලෙන් පද්ධතියට ඉදිකිරීම් කටයුතුවලින් හානි සිදුවනු ඇති බවට පරිසරවේදීන් සහ ගුහා විද්‍යාඥයන් අනතුරු අඟවා තිබුණි.මෙම ගුහා ජෛව විවිධත්වයේ තෝතැන්නක් පමණක් නොව වවුලන් සහ ආවේනික ලෙන් මාළු වැනි සතුන්ගේ නිවහනකි. එසේම පානීය ජල මූලාශ්‍රයක් ලෙස භාවිතා කරන ජගුවර්වරුන්ගේ නවාතැන් ස්ථාන ලෙසද මෙම පාරිසරික කලාපය හදුනාගෙන ඇත.

ඩොලර්මිලියන 9.8ක Maya දුම්රිය ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ගිනිකොනදිග මෙක්සිකානු ප්‍රාන්ත වන Chiapas, Tabasco, Campeche, Yucatán සහ Quintana Roo යා කරමින් කිලෝමීටර් 1,500ක් දිග දුම්රිය මාර්ගයක් ගොඩනැගීමයි.මෙම ව්‍යාපෘතිය ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් මෙන්ම එරට ඌන සංවර්ධිත කලාපයේ සංවර්ධනය සහ රැකියා ඉහළ නංවන බව ජනාධිපති ලෝපෙස් ඔබ්‍රඩෝර් සඳහන් කරයි.එමෙන්ම විරෝධතා මධ්‍යයේ වුවද, ව්‍යාපෘතිය 2023 දෙසැම්බර් මාසයේදී විවෘත කරන බව ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි