×

කෝටිපති ව්‍යාපාරික මයිකල් බ්ලූම්බර්ග් ඇමරිකානු ජනාධිපතිවරණ ලංසුව ඉදිරිපත් කරයි.

කෝටිපති ව්‍යාපාරික මයිකල් බ්ලූම්බර්ග් ඇමරිකානු ජනපති සටනට එක්වෙයි.


කෝටිපති ව්‍යාපාරික මයිකල් බ්ලූම්බර්ග් එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟයට අවතීර්ණ වීමට දැඩි ලෙස සලකා බලමින් සිටින බව ආරංචි මාරග සදහන් කරයි. මයිකල් බ්ලූම්බර්ග් මහතා වෝල් වීදියේ බැංකුකරුවෙකු වූ අතර ඔහුගේ නම දරන මූල්‍ය ප්‍රකාශන ආයතනයක ආධිපත්‍ය හොබවයි. ධානපතියෙකු වන ඔහු අධ්‍යාපන, වෛද්‍ය සහ වෙනත් අරමුණු සඳහා ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කර ඇත.

මුලින් ඩිමොක්‍රොටික් පාක්ෂිකයකු වූ ඔහු 2001 දී නිව්යෝර්ක් නගරයේ නගරාධිපති ධුරය සඳහා සාර්ථක ව්‍යාපාරයක් දියත් කිරීම වෙනුවෙන් රිපබ්ලිකානුවෙකු බවට විය. ඔහු 2012 වන තෙක් වාර තුනක් නගරාධිපති ධුරයේ කටයුතු කළ අතර ඩිමොක්‍රටික් පක්ෂයට නැවත එක් වූයේ පසුගිය වසරේ දීය.

හිටපු නිව්යෝර්ක් නගරාධිපතිවරයා සැලකිලිමත් වන්නේ 2020 මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට වර්තමාන අපේක්ෂකයින්ගේ ක්ෂේත්‍රය ප්‍රමාණවත් නොවන බවයි.

77 හැවිරිදි ඔහු මේ සතියේ ඇලබාමා හි ඩිමොක්‍රටික් ජනාධිපති ප්‍රාථමිකය ඉදිරියේ අදාල ලිපි ලේඛන ගොනු කිරීමට අපේක්ෂා කරයි.

ජනාධිපති ට්‍රම්ප් සමඟ තරග වැදීමට අපේක්ෂකයින් 17 දෙනෙකු මේ වන විට සූදානම්ව සිටිති. ඒ අතර හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්, මැසචුසෙට්ස් සෙනෙට් සභික එලිසබෙත් වොරන් සහ වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඩිමොක්‍රටික් පෙරමුණ ගෙන සිටිති.

බ්ලූම්බර්ග් මහතාගේ ප්‍රකාශකයා මෙසේ පැවසීය: “අපි දැන් ඡන්දය අවසන් කර ට්‍රම්ප් පරාජයට පත්වීම සහතික කළ යුතුයි. නමුත් මයික් වඩ වඩාත් සැලකිලිමත් වන්නේ වර්තමාන අපේක්ෂකයින්ගේ ක්ෂේත්‍රය ඒ සඳහා නිසි ස්ථානයක නොමැති වීම පිලිබදවයි.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි