×

පිලිපීනයේ හමුදා ගුවන් යානයක් 92 ක් මගීන් සමඟ අනතුරට

පුද්ගලයින් 17ක් ජීවිතක්ෂයට


දකුණු පිලිපීනයේ ආරක්ෂක අංශයේ පිරිස් ප්‍රවාහනය කරන හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 40 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

අද ඉරිදා දහවල් පිලිපීනයේ සුලූ පළාතේ ජොලෝ දූපතට ගොඩබෑමට උත්සාහ කරමින් සිටියදී මෙම අනතුර සිදු වූ අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 92 ගමන් කර ඇති බව වාර්තා වේ. ආරක්ෂක ලේකම් ඩෙල්ෆින් ලොරෙන්සානා පවසන්නේ සී -130 හර්කියුලිස් නම් මෙම ප්‍රවාහන ගුවන් යානය දකුණු පිලිපීනයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව දියත් කරන හමුදා ක්‍රියාමාර්ග සදහා සහභාගී වීමට යමින් සිටියදී අනතුරට ලක් වූ බවයි. ගමන් කළ හමුදා භටයින් රැසක් මෑතකදී හමුදා පුහණුව නිම කළ අයයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි