×

ලොව පුරා මිලියන 730කට අධික ජනතාවක් සාගින්නෙන් සිටින විට දිනකට ආහාර බිලියනයකට වඩා ඉවත දමයි – UN

මෙය ගෝලීය ඛේදවාචකයක්...


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා මිලියන 730කට අධික ජනතාවක් සාගින්නෙන් ජීවත් වන විට දිළිඳු රටවල මෙන්ම ධනවත් රටවල් දිනකට ආහාර බිලියනයකට වඩා ඉවත දමන බව අද(27)දින එළිදක්වන ලද ජාතීන්ගේ ආහාර අපද්‍රව්‍ය දර්ශක වාර්තාවේ සඳහන් කර තිබේ.

වාර්ෂිකව ඉවතලන ආහාර ටොන් බිලියන 1 න් 60% ක් පමණ කුටුම්භයන හරහා ඉවත දමන අතර, දුර්වල සැලසුම් කිරීම, ශීතකරණයක් හෝ ගබඩා පහසුකම් නොමැතිවීම මිට හේතු විය හැකිය. මිට අමතරව අස්වැන්න සහ වෙළඳපල අතර 13%ක් නරක්වීම හේතුවෙන් ඉවත දැමීමට සිදුවේ.

නව දත්ත වාර්තාවන්ට අනුව, මෙම අපද්‍රව්‍ය ස්වාභාවික සම්පත් නාස්ති කරනවා පමණක් නොව, එය දේශගුණය සහ ජෛව විවිධත්ව අර්බුද සඳහා විශාල දායකත්වයක් සපයන බව අනාවරණය වේ. එක්සත් රාජධානියේ අපද්‍රව්‍ය හා සම්පත් ක්‍රියාකාරී වැඩසටහන (Wrap) සමඟ ඒකාබද්ධව වාර්තාව ලියා ඇති එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ Inger Andersen මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ මෙය ගෝලීය ඛේදවාචකයක් බවයි.

ආහාර නාස්තිය අවම කිරීමට රටවල් කිහිපයක් සැලසුම් කර ඇති අතර එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව ඉන් ප්‍රධාන වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි