×

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මසුන් මිලියන ගණනක් මිය යයි

මේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ ඩාර්ලිං-බකා ගඟට බලපානු ලැබූ තාප තරංගයක් හේතුවෙන් මෙසේ මසුන් මිය යන්නට ඇති බවයි.


ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මෙනින්ඩි නගරයේ ඩාර්ලිං-බකා ගංඟා ද්‍රෝණියෙහි මිලියන ගණනක් මසුන් මියගොස් ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණේ ඩාර්ලිං-බකා ගඟට බලපානු ලැබූ තාප තරංගයක් හේතුවෙන් මෙසේ මසුන් මිය යන්නට ඇති බවත් මරණවලට යටින් පවතින හේතු සොයා ගැනීමට ෆෙඩරල් ආයතන සමඟ ඉදිරි විමර්ශන කටයුතු කරන බවයි.

මෙනින්ඩි නගරයේ ප්‍රදේශවාසීන් විසින් මෙම ගංඟා ජලය ජලය සේදීමට සහ ස්නානය සඳහා භාවිතා කරන අතර මේ වන විට මිනිසුන්ට එම මූලික අවශ්‍යතා සඳහා එම ජලය නැවත භාවිතා කිරීමට නොහැකි තත්වයක් ද ඇතිව තිබේ. ප්‍රදේශය අධික දුර්ගන්ධයක් පවතින අතර මෙම ද්‍රෝණි කලාපය ද්‍රෝණිය ආන්තික කාලගුණික සිදුවීම් වලට ගොදුරු වන අතර එය ලැව්ගිනි සහ නියඟ දෙකටම ගොදුරු වන ඉතා විචල්‍ය දේශගුණයක් සහිත කලාපයක් බව වාර්තා වේ.

2012 දී, ගඟ සිඳී යාම නතර කර එය සශ්‍රීක මට්ටමකට ගෙන ඒම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 13 (එවකට පවුම් බිලියන 8.45) වටිනා සැලැස්මක් ක්‍රියාත්මක කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි