×

මෝදිගේ කැබිනෙට්ටුව – ජනතාව මිලියන 1300කට ඇමතිවරු 24

ලෝකයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රික මැතිවරණය වුවද, මිලියනයක ඡන්ද මධ්‍යස්ථාන වලදී මිලියන 1300ක ජනතාව ඡන්දය භාවිත කලද මෝදිගේ කැබිනට්ටුවේ සිටින අමාත්‍යධූර ගණන 24කි. ඒ ඇතුළුව ඊයේ දිවුරුම් දුන් සමස්ත අමාත්‍යවරුන් සංඛ්‍යාව 57කි.


ලෝකයේ ලොකුම ප්‍රජාතාන්ත්‍රවාදී ඡන්දය පසුගියදා පැවැත්විණ. එහි ජයග්‍රහකයා වූයේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් මැතිවරණය සදහා සහභාගී වූ හිටපු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය.

ඊයේ ඔහුගේ දෙවන ධූර වාරය සදහා දිවුරුම් දීමේ උත්සවය පැවති අතර ඒ සදහා දකුණු ආසියානු කලාපයේ රාජ්‍යනායකයින් සහ සුප්‍රසිද්ධ චරිත රැසක්ම සහභාගී විය. සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 545 අතරින් තනි පක්ෂයක් ලෙස ආසන 303ක්ද සන්ධාන ගත පක්ෂයක් ලෙස ආසන 354ක්ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමිවිය.

ලෝකයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රික මැතිවරණය වුවද, මිලියනයක ඡන්ද මධ්‍යස්ථාන වලදී මිලියන 1300ක ජනතාව ඡන්දය භාවිත කලද මෝදිගේ කැබිනට්ටුවේ සිටින අමාත්‍යධූර ගණන 24කි. ඒ ඇතුළුව ඊයේ දිවුරුම් දුන් සමස්ත අමාත්‍යවරුන් සංඛ්‍යාව 57කි.

ඉන්දියානු දේශපාලන පක්ෂයක් තනි පක්ෂයක් ලෙස මෙතරම් විශාල ජයග්‍රහණයක් මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂය දිනා ගත්තේ වසර 30කට පසුවයි. එමෙන්ම තනි පක්ෂයක් දෙවතාවක් ආණ්ඩු බලය හිමි කරගත්තේද වසර 30කට පසුවය. ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේදී මෝදි ඇතුළු මෝදිගේ කැබිනෙට්ටුව දිවුරුම් දෙනු ලැබීය.

දකුණු ආසියානු කලාපයේ නායකයින් ද ඇතුළුව ආරාධිතයින් 7000කට අධික පිරිසක් මේ සදහා සහභාගී වූහ. ව්‍යාපාරිකයින් මෙන් ම ඉන්දීය සිනමාවේ ඔහු වෙනුවෙන් සහය දැක්වූ කැපී පෙනෙන චරිත රජිණිකාන්ත්, කරන් ජොහාර්, කාන්ගනා රනෝට් ආදී විශාල පිරිසක් එම උත්සවයට පැමිණියහ.

මෝදිගේ ප්‍රතිවාදියා වූ රාහුල් ගාන්ධිද සිය මව සෝනියා ගාන්ධි සමග මෙම උත්සවය සදහා සහභාගී වීම විශේෂත්වයක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි