×

දූෂණ වංචා හේතුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ පාර්ලිමේන්තු මුක්තිය ඉවතට – යුරෝපා සංගමය

මහජන මන්ත්‍රීන් වෙනුවෙන් මුක්තිය ක්‍රියාත්මක කිරීම හරහා අරමුණු වන්නේ නීතිය පහසුවෙන් කඩ කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නොවන බව තහවුරු කිරීමට බව යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රකාශිකා යස්මිනා යකිමෝවා ප්‍රකාශ කර තිබිණි.


දූෂණ වංචාවකට සම්බන්ධ වීම හේතුවෙන් මහජන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් පාර්ලිමේන්තු මුක්තිය ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග දියත් කරන බව යුරෝපා සංගමයේ සභාපති රොබර්ටා මෙට්සෝලා පවසා තිබේ.

බෙල්ජියම් පොලීසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවත් ඉන් අනතුරුව හදිසි ක්‍රියා පටිපාටියක් දියත් කළ බවත් ඇය විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබිණ.

පසුගියදා දූෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් එක් මහජන මන්ත්‍රීවරයෙකු සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ අල්ලස් ජාලය පිටුපස සිටින බලධාරීන් අනාවරණය වන්නට විය. ආයතනයේ නීති කටයුතු කමිටුව වෙත යාමට පෙර, ඊට අදාල ඉල්ලීම ජනවාරි 16 වන දින සමස්ත යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ ගොනු කළ යුතුය. චෝදනා පිළිබඳ වාර්තාවක් පසුව සකස් කිරීමෙන් අනතුරුව මහජන මන්ත්‍රීවරුන්ගේ මුක්තිය ඉවත් කිරීම පිළිබඳ පූර්ණ සභා ගර්භයේ ඡන්ද විමසීමකට යනු ඇත. පෙබරවාරි 13 වන විට සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් වනු ඇති බව රොබර්ටා මෙට්සෝලා ප්‍රකාශ කර තිබේ.

සියලුම මහජන මන්ත්‍රීවරුන්ට අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිටීමට හෝ දේශපාලන පීඩාවලට බිය නොවී නිදහසේ තම රැකියාව කරගෙන යාමට, අදහස් ප්‍රකාශ කිරීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට බලතල තිබේ.

රහස්‍ය ක්‍රියාදාමයක් යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට හා චූදිත මන්ත්‍රීවරුන්ට සාක්ෂි ඉදිරිපත් කිරීමට සහ තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉඩ සලසයි. ඒ අනුව මහජන මන්ත්‍රීන් වෙනුවෙන් මුක්තිය ක්‍රියාත්මක කිරීම හරහා අරමුණු වන්නේ නීතිය පහසුවෙන් කඩ කිරීමට ඔවුන්ට කිසිදු අයිතියක් නොවන බව තහවුරු කිරීමට බව යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රකාශිකා යස්මිනා යකිමෝවා ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි