×

අධික වර්ෂාව හේතුවෙන් ද ආසියාවේ 100 ට වැඩි පිරිසකට ජීවිත අහිමි වෙයි, මිලියන 6ක් අවතැන්

මේ අතර ඉන්දියානු දේශසීමා ආසන්නව හෙක්ටයාර මිලියනයකට වැඩි බිම් ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ඇත.


ඉන්දියාව, නේපාලය , බංග්ලාදේශය , පකිස්ථානය ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් කිහිපයක ප්‍රදේශ රැසකට අධික වර්ෂාව හේතුවෙන් අහිතකර බලපෑම් රැසක් සිදුව ඇත‍.

දින ගණණාවක් අඛණ්ඩව ඇද වැටෙන වර්ෂාව නිසා ගංවතුර, නායයෑම් වැනි හේතූන් මත ඉන්දියාව සහ නේපාලයේ පසු ගිය සති අන්තයේදී පුද්ගල ජීවිත 100කට වැඩි සංඛ්‍යාවක් අහිමි වී ඇති අතර මිලියන 6කට අධික සංඛ්‍යාවකට බලපෑම් ඒල්ල වී ඇත.


නේපාලයට ඇද හැලුන අධික වර්ෂාව ඊයේ වන විට අවසන් වී ඇතත් ඉන්දියාව , බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල වර්ෂා තත්ත්වය මේ වන විට අධික වෙමන් පවතී.

නේපාලයට මෙවැනි දරුණු වැසි ඇද වැටුනේ දීර්ඝ කාලයකට පසුවය, මිය ගැය පුද්ගලයින් අතර නේපාලයේ පුද්ගලයින් 78 දෙනෙක්ද, 29ක් ඇසෑම් සහ බිහාර් හී බටහිර ඉන්දීය ප්‍රාන්ත වලින්ද, 16 දෙනෙකු බංග්ලාදේශනේද වාර්ථා විය.

මේ අතර ඉන්දියානු දේශසීමා ආසන්නව හෙක්ටයාර මිලියනයකට වැඩි බිම් ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වී ඇත. බංග්ලාදේශයේ 200000වැඩි පිරිසක් අවතැන්වී ඇති අතර ඔවුන් මේ වන විට තාව තාලික කදවුරු වල තබා ඇත‍.බංග්ලාදේශයේ රෝහිංග්‍යා ගෝත්‍රිකයන්ගේ වාසස්ථාන වලටද වර්ෂාව නිසා දැඩි හානි සිදු වී ඇති අතර පවුල් 400කට පම නිවාස අහිමි වී ගොස් ඇති බව වාර්ථා වේ.


වර්ෂාව හේතුවෙන් මේ වන විට බෝවන රෝග තත්ත්වයන්ද පැතිරී යිමින් තිබෙන බව වාර්ථා වේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි