×

සිඩ්නි සැණකෙළි, ගිනි කෙළි අතරේ ලැවු ගින්නට මැදිවූ නිවෙස් 200ක් ගිනිබත් වේ

.


 

ඕස්ට්‍රේලියාවේ නැගෙනහි වෙරළ ආශ්‍රිත වික්ටෝරියා පළාතේ නිවෙස් 43 ලැවු ගින්න හේතුවෙන් ඊයේ ගිනිගෙන විනාශ වූයේ නව අවුරුදු උදාවත් සමගිනි. ඒ නිවු සවුත් වේල්ස්සයේ තවත් නිවෙස් 176ක් ගිනි ගනිමින් තිබියදීය.

පසු ගිය අගහරුවාදා සංචාරකයින් ඇතුළු දහස් ගණනක් බේට්ස්මන්ස් වෙරළට රැස් වූයේ පැතිර ගිය ලැවු ගින්නෙන් ජීවිත භේරා ගැනීම සදහාය. නමුත් ඊයේ දිනයේදී ලැවු ගින් හේතුවෙන් පුද්ගල ජීවිත දෙකක් බිලි ගත්තේය. ඒත් සමග ලැවු ගිනි හේතුවෙන් මිය ගිය සමස්ථ ඕස්ට්‍රේලියානුවන් ගණන 15කි.

satellite image of fires in Australia

අලුත් අවුරුද්ද උදාවත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රදේශයෙන් ගිණි ගැනීම් අවස්ථා 112ක් වාර්ථා විය.
පසුගිය බදාදා නිව්සවුත් වේල්සයේ ගිනිනිවීමේ ඒකකයට අනුව ලැවු ගිනි හේතුවෙන් මෙතෙක් වාර්ථා වී ඇති පරිදි නිවෙස් 916ක් විනාශ වී ගොස් ඇත. හානි සිදුව ඇති නිවෙස් සංඛ්‍යාව 363කි. නිවු සවුත් වේල්ස් හී මේ වන විට ඉතිරිව ඇති නිවෙස සංඛ්‍යාව 8159ක් පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි