×

තායිවානය හරහා හමා ගිය හයිකුයි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් තුවාල ලබයි

හයිකුයි සුළි කුණාටුව 2019 දී එක් පුද්ගලයෙකු මිය ගිය බයිලු සුළි කුණාටුවට පසුව දිවයිනට බලපෑ විශාලතම සුළි කුණාටුව ලෙස හඳුන්වයි.


ධාරානිපාත වර්ෂාව. අධික සුළං සමඟ තායිවානය හරහා හමාගිය හයිකුයි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා ඇතිබව බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.

හයිකුයි සුළි කුණාටුව හේතුවෙන් 7,000 කට වැඩි පිරිසක් අධි අවදානම් ප්‍රදේශවලින් ඉවත් කර ඇති අතර 119,000 කට වැඩි පිරිසකට විදුලිය අහිමිව තිබේ. මේ සම්බන්ධයෙන් තායිවානයේ ජනාධිපති Tsai Ing-wen ප්‍රකාශ කර තිබුණේ, ඔබේ ආරක්ෂාව ගැන විමසිල්ලෙන් සිටින ලෙසයි.

හයිකුයි සුළි කුණාටුව 2019 දී එක් පුද්ගලයෙකු මිය ගිය බයිලු සුළි කුණාටුවට පසුව දිවයිනට බලපෑ විශාලතම සුළි කුණාටුව ලෙස හඳුන්වයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි