×

ලෝක ජනගහනයෙන් මිලියන 70ට වඩා වැඩි පිරිසක් අවතැන් වූවෝ?

සෑම දිනකම සාමාන්‍යයෙන් ලෝකයේ කොහේ හෝ කුමන හෝ හේතුවක් මත අවතැන් වන්නන්ගේ සංඛ්‍යාව 37000කි


සිය සංවිධානයේ ආරම්භයේ පටන් වාර්ථාවූ වැඩිම අවතැන් වූවන් සංඛ්‍යාව වාර්ථා වන්නේ පසුගිය වසරේදී බව සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මීට වසර 70කට පෙර සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. වාර්ෂික ගෝලීය උපනතීන් පිළිබද වාර්ථාවට අනුව මෙම වසරේදී වාර්ථා වන සමස්ථ ගෝලීය අවතැන් වූවන්ගේ සංඛ්‍යාව 70.8කි එය ඊට ඉහත වසරට වඩා මිලියන 2.3ක වැඩි වීමකි. එමෙන්ම මෙම තත්ත්වය මීට වසර 20කට පෙර පැවති තත්ත්වයට වඩා දෙගුණයක වැඩිවීමකි.

සෑම දිනකම සාමාන්‍යයෙන් ලෝකයේ කොහේ හෝ කුමන හෝ හේතුවක් මත අවතැන් වන්නන්ගේ සංඛ්‍යාව 37000කි.

සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ෆිලිප්පෝ ගාන්ධි පවසන්නේ මෙම සංඛ්‍යාලේඛන දෙස බැලීමෙන් යුධමය තත්ත්වයන්, ගැටුම් සහ වධහිංසා කිරීම් වලින් ආරක්ෂා වීම මිනිසුන්ගේ දැඩි අවශ්‍යතාවක් වී ඇති බවයි. සරණාගත භාවය සහ සංක්‍රමණික යන වචන මෙන්ම ඒ හා බැදුණ තවත් පසුබිම් කථාද අද ලෝකය තුළ බහුලව භාවිත වන වචන බවට පත්ව ඇති බවද ඔහු අවධාරණය කලේය.

මෙතරම් විශාල පිරිසක් අවතැන් වීමේ ප්‍රධාන හේතු බවට පත්ව ඇත්තේ යුද්ධ , ගැටුම් සහ හිංසනයන් ය. මෙම වාර්ථාවට අනුව අවතැන් වූවන් ප්‍රධාන වශයෙන් තෙආකාර වේ.

  • පළමුවැන්න වන්නේ යුධමය තත්ත්වයන් ගැටුම් හා හිංසනයන් හේතුවෙන් සිය රට හැර යන්නට බල කෙරුණ සරණාගතයින්ය. 2018 වසරේදී මෙවැනි සරණාගතයින් මිලියන 25.9ක් වාර්ථාවන අතර එය 2017 වාර්ථා වූ සංඛ්‍යාවට වඩා 500000කින් ඉහළ අගයකි. මෙම පිරිස අතරට පලස්ථින ජාතික සරණාගතයින් මිලියන 5.5ක් අයත් වේ.
  • දෙවන ආකාරය වන්නේ ආරක්ෂණ අපේක්ෂකයින් asylum seekers ය . එනම් තමන් උපන් රටෙන් පිට වෙනත් රටක ජාත්‍යන්තර ආරක්ෂාව යටතේ සිටින්නන්ය. නමුත් ඔවුන් වෙත සරණාගත භාවිය මෙතෙක් හිමිව නැත. ඔවුන්ගේ සංඛ්‍යාව මිලියන 3.5කි.
  • තෙවැන්න වන්නේ අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ය. ගෝලීය වශයෙන් අභ්‍යන්තර අවතැන් වූවන් ගේ සංඛ්‍යාව මිලියන 41.3කි.

සරණාගතයින් පිළිබදව අවධානය යොමු කිරීමේදී සමස්ත සරණාගතියින් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම නියෝජනය කරන්නේ සිරියාව, ඇෆ්ගනිස්ථානය, දකුණු සුඩානය,මියන්මාරය සහ සෝමාලියාව යන රටවල්ය.

අන් සියළු රටවලට වඩා සිරියානු සරණාගත සංඛ්‍යාව ඉහළ අගයක් ගත් අතර එය මිලියන 6.7කි. ඇෆ්ගනිස්ථානයේ සරණාගතයින් සංඛ්‍යාව මිලියන 2.7කි.

2018 වසරේ නැවත පදිංචි කරවා ඇත්තේ 92400ක් දෙනා පමණක් වන අතර එම සංඛ්‍යාව සමස්ත නැවත පදිංචි කිරීමට බලාපොරොත්තුවන්නන්ගෙන් 7%ටත් අඩුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි