×

මිලියනයකට අධික පලස්තීනුවන් රෆා හි සිරවී සිටියී

හමාස් හි ඉතිරිව ඇති අවසාන බලකොටුව රෆා වේ.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 07,

ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ගාසා තීරයේ පිහිටි කූඩාරම් නගරය වන රෆාහි ඇස්තමේන්තුගත මිලියන 2 කට අධික ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් හිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) නිවේදනය කර තිබේ.

ඔවුහු ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන භීතියෙන් බලා සිටින අතර රොකට් ප්‍රහාර දැනටමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් අනතුරුව පලස්තීනුවන්ට ගාසා නගරයෙන් පිටව යන ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) නිලධාරී කළ නියෝග වලට අනුව පලස්තීනුවන්ට රැකවරණය පතා රෆා වෙත යාමට සිදු විය. නගරය ඊජිප්තුවට මායිම් වුවද, එම රටට ඇතුළුවීම මාස ගණනාවක් තිස්සේ වසා දමා ඇත.

ඊශ්‍රායල නායකයින් මෑත දිනවල රෆා වෙත ඔවුන්ගේ අවධානය යොමු කර ඇති අතර,හමාස් හි ඉතිරිව ඇති අවසාන බලකොටුව රෆා වේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ (OCHA) සඳුදා ප්‍රකාශ කර තිබුණේ, රෆා නගරය මේ වන විට ආහාර, ජලය, නවාතැන් සහ ඖෂධවල උග්‍ර හිඟයකට මුහුණ දී තිබුනද සරණාගතයින් තවමත් රෆා වෙත ගලා එන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි