×

මොරොක්කෝහි භූ කම්පනයක් හේතුවෙන් 296 දෙනෙකු මරුට

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර භූ කම්පනය නිසා සිදු වූ හානිය මෙතෙක් ගණනය කර නොමැත.


මධ්‍යම මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකාංග 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 296 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම භූමිකම්පාව හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් කම්පනය ඇතිව ඇති බවත්, ඉන් කිලෝමීටර් 350 ක් පමණ දුරින් පිහිටි රබාත් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා සහ එසවුරා වෙත ද කම්පන දැනී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර භූ කම්පනය නිසා සිදු වූ හානිය මෙතෙක් ගණනය කර නොමැත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි