×

ලොව මිල අධිකතම සහ ලාභදායීම නගර මොනවාද ?

මිල අධිකතම නගරය සිංගප්පූරුවේ අග නගරය වන සිංගපෝර් නගරය


ලොව මිල අධිකතම නගර ලයිස්තුව annual Economist Intelligence මගින් පවත්වනු ලැබූ සමීක්ෂණයක් මගින් හෙළි කර ඇත. ලොව ප්‍රධාන පෙලේ නගර 133ක් මෙම සමීක්ෂණයට ලක් කරනු ලැබ ඇත.
මේ අතර මිල අධිකතම නගරය බවට පත්ව ඇත්තේ සිංගප්පූරුවේ අග නගරය වන සිංගපෝර් නගරයයි. දෙවන ස්ථානය ප්‍රංශයේ පැරිස් නගරයත් චීනයට අයත් හොංකොංග් නගරයත් නම් කර ඇත.

ඒ අනුව මිල අධිකතම නගරය නම් කිරීම සදහා භාවිතා කර ඇති දර්ශකයන් වන්නේ පාන් ආදී නම් කර න ලදපොදු භාණ්ඩයන්හී මිල ගණන්ය. ඒ අනුව එම භාණ්ඩයන් සදහා වැඩිම මිල ගණනක් ඇමරිකානු ඩොලරය මගින් ගෙවිය යුතු වන නගර මිල අධිකතම නගර ලෙස නම් නර ඇත. ඒ අනුව ලොව මිල අධිකතම නගර 10 බවට පත්ව ඇත්තේ,

The ten most expensive cities in the world

1. Singapore (Singapore)

1. Paris (France)

1. Hong Kong (China)

4. Zurich (Switzerland)

5. Geneva (Switzerland)

5. Osaka (Japan)

7. Seoul (South Korea)

7. Copenhagen (Denmark)

7. New York(US)

10. Tel Aviv (Israel)

10. Los Angeles (US)

මේ අතර ලොව මිල ගණන් අඩුම නගරද නම්කර ඇත. තෝරාගත් භාණ්ඩ සදහා ඇමරිකානු ඩොලර් අඩුම ප්‍රමාණයක් ගෙවිය යුතු වන නගර නම් කර ඇත.

ඇතැම් රටවල උද්ධමනය ආදී හේතූන් නිසා භාණ්ඩ මිල ගණන් සාපේක්ෂව පහත බැස ඇත.
වෙනිසියුලාවේ කරකස් නගරයෙහි උද්ධමනය 1000000% දක්වා ඉහළ ගොස් ඇති බැවින් ලොව මිල ගණණ් අඩුම නගරයක් ලෙස එය නම් කර ඇත‍.

කරකස් හීදී කෝපි කෝප්පයක් මිලදී ගනීම සදහා ඇමරිකානු ඩොලර් 0.62ක් වී ඇති අතර එරට මුදල් ඒකකය වන බොලිවාර් 400ක් ඒ සදහා ගෙවීමට සිදුව ඇත. දෙවන ලාභදායීම නගරය වී ඇත්තේ සිරියාවේ දමස්කස් නගරයයි. දේශපාලන අර්බුද සහ විවිධ ගැටළු පවතින නගර මෙසේ මිල ගණන් අඩුම නගර බවට පත්ව ඇත.

The ten cheapest cities in the world

1. Caracas (Venezuela)

2. Damascus (Syria)

3. Tashkent (Uzbekistan)

4. Almaty (Kazakhstan)

5. Bangalore (India)

6. Karachi (Pakistan)

6. Lagos (Nigeria)

7. Buenos Aires (Argentina)

7. Chennai (India)

8. New Delhi (India)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි