×

ඉවරයි කියා හිතුවට ඉවර නැති ”ට්‍රම්ප් විමර්ෂණ ”

මේ වන විට ඒ සියලු කථා බහ කණපිට හැරෙමින් තිබේ.


ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා රුසියානු සහයෝගය ලබා ගත් බවටත් තව දුරටත් ට්‍රම්ප්ගේ ඇතැම් තීරණ කෙරෙහි රුසියානු බලපෑමක් පවතින බවටත් ට්‍රම්ප්ට එරෙහිව පැවති චෝදනාවෙන් ඔහු නිදහස් බව පසු ගියදා ඒ පිළිබදව සිදු කළ පර්යේෂණ වාර්ථාව නිකුත් වීමත් සමග අනාවරණය කරනු ලැබීය. ඒත් සමග ට්‍රම්ප් සිය මීලග වාරය සදහා චෝදනා විරහිත මිනිසෙක් ලෙස සූදානම් විය හැකි බවට සිය සතුට ප්‍රකාශ කරමින් සිටියේය. ඔහු පවසා සිටියේ තමන් පිළිබද කරන මෙම අභූත චෝදනාව සහ විමර්ෂණය ”දඩයමක්” බවයි. ඔහුට අනුව ඇමරිකානු ඉතිහාසයේ ජනපතිවරයෙකුට විරුද්ධව එල්ල වූ විශාලම දඩයම මෙය වෙයි.

ඇමරිකානු බුද්ධ අංශ තොරතුරු වලට අනුව ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ බිල් ක්ලින්ටන් හිටපු ජනපති ගේ ආර්යාව වන හිලරි ක්ලින්ටන් ජනපති ලෙස ජයග්‍රහණය කිරීම වැළැක්වීමට රුසියාව විසින් විවිධ උප ක්‍රම අනුගමනය කර ඇත. එමෙන්ම එම උප ක්‍රම අතර ට්‍රම්ප්ට සහය ලබා දී ඔහුගේ ප්‍රචාරක කටයුතු වලදී සහයෝගය ලබා දීම රුසියාව විසින් සිදු කර ඇත. ඊට සාක්ෂි ලෙස හුවමාරු වූ ඊමේල් මෙන්ම විවිධ දුරකථන පණිවිඩ සම්බන්ධවද ඇමරිකානු බුද්ධි අංශ වලට තොරතුරු හමුවී තිබිණි.

ට්‍රම්ප් පිළිබද මුලර්ගේ විමර්ෂණ වාර්ථාව කියවන්න

නමුත් මේ වන විට ඒ සියලු කථා බහ කණපිට හැරෙමින් තිබේ. ඒ ට්‍රම්ප් පිළිබද මුලර්ගේ වාර්ථාව තව දුරටත් විමසිය යුතු බවට කොන්ග්‍රස් සභා අධිකරණ කමිටු සභාපති ජෙරී නැඩ්ලර් විසින් නියෝග කිරීමෙන් පසුවයි. පසු ගියදා මෙම වාර්ථාවේ සංකෂිප්ත පිටපතක් කොන්ග්‍රස් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ෆෙඩරල් විමර්ෂණ කාර්යාංශය හෙවත් එෆ් බී අයි හී හිටපු අධ්‍යක්ෂ වරයෙකු වන රොබට් මුලර් විසින් මූලකත්වය දරමින් ඉදිරිපත් කළ මෙම වාර්ථාව තුළ ට්‍රම්ප් ජනපි කරවීම සදහා රුසියානු දායකත්වයක් නොලැබුණ බවට ප්‍රත්‍යක්ෂ කොට තිබුණද නැවතත් මෙසේ කොන්ග්‍රස් අධිකරණ කමිටුව විසින් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ආසන්නතම හේතුව වන්නේ මෙම පරීක්ෂණ කටයුතු සදහා ට්‍රම්ප් විසින් බලපෑම් කරන ලද බවට ට්‍රම්ප්ට විරුද්ධව එල්ල වන චෝදනාද සමගිනි.

මෙම වාර්ථාව පිටු 448කින් යුක්ත වූ අතර ඒ පිළිබදව විමර්ෂණ කටයුතු වසර දෙකකට ආසන්න කාලයක් සිදු කරනු ලැබිණි.

ට්‍රම්ප්ට විරුද්ධව එල්ල වන අනෙක් චෝදනාව වන්නේ විමර්ෂණ කටයුතු වලින් රොබට් මුලර් ඉවත් කිරීම සදහා ට්‍රම්ප් ප්‍රයත්න දැරූ බවට එල්ල වන චෝදනාවයි. මේ පිළිබදව චෝදනා එල්ල වූ තවත් පුද්ගලයෙකු වන්නේ ජනපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජෙයාඩ් කුෂ්නර් ය. ඔහු විසින් ට්‍රම්ප් ට රුසියානු සහය ලබා ගැනීම සදහා අවශ්‍ය රහසිගත සන්නිවේදන ක්‍රමයක් භාවිත කිරීමට දැරූ උත්සහයක් පිළිබදව වාර්ථා විය.

මේ පිළිබද නිවුයෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පත් විසින් වාර්ථා කළ අතර මෙම මාධ්‍ය දෙක සදහාම ට්‍රම්ප්ට එරෙහි චෝදනා පිළිබදව ගවේෂණාත්මක වාර්ථාකරණය වෙනුවෙන් පුලිට්සර් සම්මානයද හිමි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි